spot_img
spot_imgspot_img

මෛත්‍රී බඩු මුට්ටු පොදි ගසයි. අලුත් තැනකට සූදානමක්

පුවත්

විදෙස්

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මෙවර අවුරුදු සැමරීමෙන් පසු නව නිවසක පදිංචිය සඳහා යාමට සියල්ල සූදානම් කර ඇතැයි වාර්තා වේ.

ඔහු පදිංචිව සිටි මහගම සේකර මාවතේ නිවසින් සති 04ක් ඇතුළත ඉවත්වන ලෙස පසුගිය දා අධිකරණ නියෝගයක් ලැබිණි. හිටපු ජනාධිපතිවරයා පවසන්නේ එම නියෝගයට හිස නමා තමන් එම නිවසින් ඉවත්වන බවයි.

මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාව සිටිය දී ජනාධිපති නිල නිවසේ පදිංචි නොවූ අතර මහගම සේකර මාවතේ රජයේ නිල නිවාසයක පදිංචි වී එය අලුත්වැඩියා කරන ලදී. ජනාධිපතිවරයකුගේ  නිල නිවසක තිබිය යුතු පහසුකම් සහිත නවාංග රැසක් ඊට එක්කෙරුණු අතර 2019 නොවැම්බර් මාසයේ ජනාධිපතිවරණයට පෙර යහපාලන රජයේ අමාත්‍ය මණ්ඩල රැස්වීමකට කරන ලද යෝජනාවකින් එය මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිධූරයෙන් විශ්‍රාම ලැබූ පසු නිල නිවස ලෙස භාවිතා කිරිමට අවසර ලබා ගැණිනි.

ශ්‍රී ලංකාවේ විශ්‍රාමික ජනාධිපතිවරුන්ට සියලු පහසුකම් සහිත නිල නිවසක් සහ කාර්ය මණ්ඩලයක් හිමිවන අතර එලෙස විශ්‍රාම ලැබූ ජනාධිපතිවරයකු හෝ පතිනියක මියගියහොත් ඔහුගේ හෝ ඇයගේ කාලත්‍රයාට ද ( බිරිද ‍හෝ සැමියාට ද) එම නිල නිවසේ සිටීමට අවස්ථාව හිමිවෙයි. එ් අනුව හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාසගේ බිරිඳ හේමා ප්‍රේමදාසට ද මෙතෙක් රජයෙන් නිල නිවසක් හිමිව ඇත.

හිටපු ජනාධිපතිවරයා පවසන්නේ තමන් මේ නිවස අයිතිකරගැනීමට උත්සාහ ගත්තා යැයි ඇතැමුන් අසත්‍ය ප්‍රචාරයක් කරන බවයි. එමෙන් ම එම නිවස රුපියල් කෝටි 800ක් වටිනා සුඛෝපභෝගී නිවසක් නොවන බව ද ඔහු පවසයි.

රජයෙන් ලබාදෙන වෙනත් නිල නිවාසයක පදිංචිවීමට හිටපු ජනාධිපතිවරයා සූදානම්ව සිටියි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!