spot_img
spot_imgspot_img

ප්‍රවෘත්ති ලොක්කා ඊයේ කී බොරුව අද නිවැරදි කිරීමේ උත්සාහයක

පුවත්

විදෙස්

රජයේ රෝහල්වල ඖෂධ හිගයක් නැතැයි ඊයේ (12) මාධ්‍ය නිවේදනයක් නිකුත් කළ රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් මොහාන් සමරනායක විසින් අද (13) ඊට හාත්පසින්ම වෙනස් අන්තර්ගතයක් සහිත මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබේ.

අද නිකුත්කර ඇති නිවේදනයේ දැක්වෙන්නේ රජයේ රෝහල්වල ඇතැම් ඖෂධ හා උපකරණ හිඟයක් පවතින බවයි. එම ගැටලුව කළමනාකරණය කර අඛණ්ඩ ඖෂධ සැපයුමක් සහතික කිරීමට සැලසුම් සකසා ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසන බව ද හෙතෙම අද නිකුත්කළ නිවේදනයේ සඳහන් කර ඇත.

රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ (12) නිකුත් කළ නිවේදනය හිතාමතාම සැළසුම් සහගතව මාධ්‍ය නොමඟ යවා එමගින් රටේ ජනතාව ද නොමඟ යැවීමට නිකුත් කරන ලද නිවේදනයක් බව අද නිකුත්කළ නිවේදනයෙන් ම තහවුරු වෙයි.

ඊයේ ඔහු විසින් නිවේදනය නිකුත්කළ වහාම rata.lk අප ඇතුළු මාධ්‍ය ආයතන ගණනාවක් සහ සමාජ මාධ්‍ය ඔස්සේ ද එම නිවේදනය අසත්‍ය කරුණුවලින් සමන්විත බව ප්‍රචාරය‍ කෙරිණි. අප ද සෞඛ්‍ය අමාත්‍යාංශය උපුටා දක්වමින් ම ඒ බව තහවරු කළේය.

මෙලෙස මාධ්‍යවේදීන් වෙතින්ම එල්ල වූ දැඩි විරෝධය හේතුවෙන් රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්වරයාට නැවත නිවේදනයක් නිකුත් කිරීමට සිදුව ඇත. එහි දැක්වෙන්නේ රජයේ රෝහල්වනල ඖෂධ හිඟයක් නැතැයි නිල මූලාශ්‍රයක් උපුටා දක්වමින් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව ඊයේ නිකුත් කළ නිවේදනය නිවැරදි විය යුතුයැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පෙන්වා දුන් බවයි.

ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්ගේ නිවේදනය අසත්‍යයක් බවට rata.lk පළකළ ලිපිය මෙතැනින්

අද නිකුත් කළ නිවේදනය පහතින්

ඊයෙ නිකුත් කළ නිවේදනය

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!