spot_img
spot_imgspot_img

දේශපාලන විද්‍යා මාහාචාර්යවරයා, මරණය තෝරාගනී. බෙහෙත් නෑ මිල වැඩියි

පුවත්

විදෙස්

බෙහෙත් මිල වැඩිවීම හේතුවෙන් තමන් මරණය තෝරාගන්නා බව ‍පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ දේශපාලන විද්‍යාව පිළිබඳ විශ්‍රාමික මහාචාර්ය එම්.ඕ.ඒ. ද සොයිසා පවසයි.

මේ වනවිට විශ්‍රාමගෙන සිටින මහාචාර්ය සොයිසා මෙරට පාසල් සහ විශ්වවිද්‍යාල සිසුන්ගේ අත්පොත් ලෙස භාවිතා කරන දේශපාලන විද්‍යා ග්‍රන්ථ රැසක කතුවරයෙකි. එමෙන්ම ඉතාමත් දීර්ඝ කාලයක් උසස් පෙළ දේශපාලන විෂයය සම්බන්ධ ප්‍රශ්න පත්‍ර සැකසීමේ ද ඔහු භාරදූර කර්තව්‍යයක් ඉටු කළේය.

මහාචාර්ය සොයිසා පවසන්නේ විශ්‍රාමික මහාචාර්යවරයකු වන තමන්ට පවා මාසිකව අවශ්‍ය බෙහෙත් සඳහා යන වියදම දැන් දරාගත නොහැකි බවයි. පසුගිය මාසයේ දී රුපියල් 70.00ක් වූ එක් බෙහෙත් පෙත්තක් මේ වනවිට රුපියල් 100.00 දක්වා වැඩි වී ඇති බව ඔහු පවසයි.

ඔහුට එම ‍ඖෂධයෙන් දිනකට පෙති 06ක් අවශ්‍ය බැවින් දිනකට එක් බෙහෙතක් සඳහා යන වියදම පමණක් රුපියල් 600.00කි. මීට අමතරව ඔහුගේ ජීවිතය රැකගැනීම සඳහා අත්‍යාවශ්‍යම වූ ඖෂධයක් රුපියල් 8500.00ක මිලකට පසුගිය මාසයේ මිල දී ගත්ත ද දැන් එය රුපියල් 13,500.00ක් දක්වා ඉහළ ගොස් ඇති බව ද ඔහු පවසයි. එවැනි මිලක් නියම වී තිබුණ ද එම ඖෂධය මේ වනවිට ශ්‍රී ලංකාව තුළ මිල දී ගැනීමට නොමැත.

පසුගිය සතියේ ඔහු මාසයකට අවශ්‍ය ඖෂධ සිය ගෝලයන්ගේ සහ මිතුරන්ගේ මාර්ගයෙන් රටේ විවිධ ප්‍රදේශවලට පණිවිඩ යවා සොයාගෙන ඇති අතර ඒ සඳහා වැය වී ඇති මුදල රුපියල් 48,000.00කි.

“දැන් මේ බෙහෙත් වර්ග ශ්‍රී ලංකාවේ නැහැ. ෆාමසිවලින් කියනවා ඒවා එන එකක් නෑ කියලා. ආවත් මාසයකට රුපියල් 48,000.00ක් බෙහෙත් සඳහා වියදම් කරන්න මට අමාරුයි. මේ බෙහෙත් නැතිව මට ජීවත්වෙන්න පුළුවන්කම තියෙන්නේ මාස දෙකයි කියලා වෛද්‍යවරු කියනවා. මේ වගේ තත්වයක් තුළ මරණය ලාභදායීයි. ඒ නිසා මම බෙහෙත්වලට විශාල මුදලක් වැයකරනවාට වඩා ලාභදායී විකල්පය තොරාගන්නවා. මට වඩා බැරි මිනිස්සු මේ රටේ කොයිතරම් ඉන්නව ද ? ඒ මිනිසුන්ගේ දුක් සුසුම් කාට ද ඇහෙන්නේ ?

මහාචාර් එම්.ඕ.ඒ. ද සොයිසා මේ බව සඳහන් කරමින් සිය facebook ගිනුමේ සටහනක් තබා ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!