spot_img
spot_imgspot_img

“විපක්ෂයේ දේශපාලන දාදු සෙල්ලම නවතා, වගකීම ඉටුකරන්න” – රෝසි සේනානායක

පුවත්

විදෙස්

ආණ්ඩුව සහ විපක්ෂය මේ අර්බුදයෙන් ගොඩ ඒම සඳහා කළ යුත්තේ සුපුරුදු දේශපාලන දාදු ක්‍රීඩාවේ යෙදීම නොව ජනතාව සහ රට ගැන සිතා එක්ව නිවැරදි තීරණ ගැනීම බව කොළඹ නගරාධිපති රෝසි සේනානායක පවසයි.

මෙවැනි අර්බුදයක් පැවැති අවස්ථාවේ දී පාර්ලිමේන්තුවේ දී මන්ත්‍රීවරු එක්වී කරන ලද සාකච්ඡාවලින් කිසිදු ප්‍රයෝජනයක් ඇති නොවූ බවත්, ඒවා රටේ ප්‍රශ්න නිරාකරණය කරගැනීමට කොතරම් ඉවහල්වූවේ ද යන්න ගැන අවංකව ම ප්‍රශ්න කිරීමට සිදුව ඇති බවත් ඇය පෙන්වා දෙයි.

රෝසි සේනානායක පුරපතිනිය වැඩිදුරටත් මෙසේ ද කීවාය.

“මේ අරගලය සඳහා ව්‍යවස්ථාදායකය විසින් ප්‍රජාතන්ත්‍රවාදී විසඳුමක් සෙවිය යුතුයි. එහි භාරධූර වගකීම තියෙන්නේ විපක්ෂනායකවරයා ප්‍රමුඛ විපක්ෂයට. නමුත් විපක්ෂය අද තමන්ගේ වගකීම ඉටුකරනවාද කියා ගැටලුවක්. මට පේන්නේ ඔවුන් තමන්ගේ දේශපාලන කඳවුරට හිරවී සිටිනවා. එක්සත් ජාතික පක්ෂයත් සමගි ජන බලවේගය කියන්නේ පක්ෂ දෙකක් නෙවෙයි. මේ දෙකේම ඉන්නේ එකට වැඩ කරපු. එකට දේශපාලනය කරපු එකම පවුලක සොහොයුරු සොහොයුරියන්ගෙන් සමන්විත දේශපාලන බලවේගයක් බව මේ කොටස් දෙකේම ඉන්න නායයකන්ට මා සිහිපත් කරනවා.”

විපක්ෂය සිටින ජනතා විමුක්ති පෙරමුණ, දෙමළ ජාතික සන්ධානය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජනතාවාදී කණ්ඩායම් වගේ ම ආණ්ඩු පක්ෂයෙන් ඉවත්ව ස්වාධීන වූ සියලු දෙනා එක්ව සියලු බලවේග සම්බන්ධීකරණය කර තීරණාත්මක වෙනසක් කිරීමේ වගකීම විපක්ෂයට ඇති බව ඇය වැඩිදුරටත් පෙන්වා දෙයි.

මේ සඳහා තවදුරටත් කල් යල් බැලීම අවශ්‍ය නැති බවත් එසේ කල් ගැනීමෙන් ජනතාව තවදුරටත් පීඩාවට පත්වන බවත් වි‍පක්ෂය තේරුම්ගත යුතුයැයි පුරපතිනිය පවසන්නීය.

“අපි මේ තත්වය වෙන්ස කරන්න ඕනෑ. ඒ සඳහා මූළ්‍ය විනය ඇතිකරනවා වගේ ම ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කරන්නත් ඕනෑ. එහි ප්‍රමුඛ කාර්යය තියෙන්නේ විපක්ෂයට. අවස්ථාවාදී සහ අදූරදර්ශී දේශපාලකයන් මේ රටේ වර්තමානය පමණක් නොවෙයි නූපන් පරපුර පවා දුක්ඛදායී ඉරණමකට ඇද දමා තිබෙනවා. මේ නිසා විපක්ෂය තමන්ට පැවරෙන අත්හැරිය නොහැකි සහ පැහැර හැරිය නොහැකි වගකීම වෙනුවෙන් කැපවිය යුතුයි. අපි පොදු සම්මුතික වැඩ පිළිවෙලක් වෙනුවෙන් අත්වැල් බැඳගෙන ඉදිරියට යනවා ද නැතිනම් බියෙන් මුළු ගැන් වී වගකීමෙන් පලා යනවාද කියා තීරණය කළ යුතුයි.

කොළඹ මහ නගර සභාවේ පුරපතිනි රෝසි සේනානායක පවසන්නේ මේ තීරණාත්මක අවස්ථාවේ දී සියලු භේද පසෙකළා එකාවන්ව පෙළගැසෙමින් මහජන මහජනතාවගේ සැබෑ නියෝජතියන් ලෙස මේ තීරණාත්මක අර්බුදයෙන් ගොඩඒම සඳහා දිවි හිමියෙන් කැපවීම අවශ්‍ය බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!