spot_img
spot_imgspot_img

බොරු කියන්නේ ප්‍රවෘත්ති ලොක්කා ද ? සෞඛ්‍ය ලොක්කා ද ?

පුවත්

විදෙස්

ශ්‍රී ලංකාවේ රෝහල්වල ඖෂධ හිගයක් නැතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කරන බවට රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් ඊයේ (12) නිකුත්කරන ලද මාධ්‍ය නිවේදනය අසත්‍ය කරුණු පදනම් කරගත් නිවේදනයක් බව තහවරු වී තිබේ.

මෙම මාධ්‍ය නිවේදනය ඊයේ (12) සවස 1.00ට නිවේදන අංක 278/2022 යනුවෙන් සඳහන් කරමින් රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ අත්සන සහිතව නිකුත්කර තිබිණි.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව එසේ නිවේදනයක් නිකුත් කළ ද සෞඛ්‍ය අමාත්‍යාංශයේ තාක්ෂණ සේවා අධ්‍යක්ෂ වෛවද්‍ය අන්වර් හම්දානි පවසන්නේ මේ වනවිට රජයේ රෝහල් සඳහා අත්‍යාවශ්‍ය ඖෂධ හා උපකරණ හිගයක් ඇති බැවින් ඉන්දියාව, බංග්ලාදේශය, ඉන්දුනීසියාව, චීනය, ජපානය, තායිලන්තය සහ කොරියාව යන රටවල් සමඟ සාකච්ඡා කර ඖෂධ තොග ලබාගැනීමට අපේක්ෂා කරන බවයි. මීට අමතරව ඉන්දීය ණය සහන යටතේ ද ඖෂධ තොග ලැබීමට නියමිත බවයි.

මීට අමතරව රජයේ ඖෂධ වේදීන්ගේ සංගමය ද මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින් කියා සිටියේ ශ්‍රී ලංකාවේ රජයේ රෝහල්වල අත්‍යාවශ්‍ය ඖෂධ වර්ග 140ක පමණ හිඟයක් පවතින බවයි. මෙරට රෝහල් 03කින් අප කරන ලද විමසීමක දී ද අනාවරණය වූයේ එම රෝහල්වල අත්‍යාවශ්‍ය ඖෂධ රැසක් මේ වනවිට නොමැති බවයි. ඖෂධවේදීන් අතිකාල රාජකාරී පවා නොකරන තත්වයකට පත්ව ඇති බවත් ඖෂධ නොමැති බැවින් රෝහල්වල බාහිර සහ අභ්‍යන්තර ඔසුසල්වල නිලධාරීන් නිකරුණේ කාලය ගතකරන තත්වයට පත්ව ඇති බවත් එම සේවකයෝ ම කියති.

රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් මොහ‍ාන් සමරනායක එසේ මාධ්‍ය නිවේදනයක් නිකුත් කළ ද පසුගිය 09 වැනි දා සෞඛ්‍ය අමාත්‍යාංශය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් අත්‍යාවශ්‍ය ඖෂධ හිගයක් ඇති බවත් පරිත්‍යාග කිරීමට හැකි අයට ඉදිරිපත් වන ලෙසත් දැනුම් දී තිබිණි.

ඊයේ (12) දිනයේ දී ද සෞඛ්‍ය අමාත්‍යාංශයේ දුරකථන අංකවලට ඇමතුමක් ගත් විට එලෙස පරිත්‍යාගකිරීමට අවශ්‍ය ඖෂධ ලේඛන ඉදිරිපත් කිරීමට කටයුතු කරනු ලැබීය.

ඒ අනුව රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් නිකුත් කර ඇති මේ මාධ්‍ය නිවේදනය ගැටලුවකි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!