16 වැනි කොරෝනා මරණය කොළඹින්

0
254

කොරෝනා ආසාදනය වීමෙන් සිදුවන 16 වැනි මරණය සිදුව ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව වාර්තා කරයි.

කොළඹ ජාතික රෝහලේ ශල්‍ය දැඩි සත්කාර ඒකකයේ දී අද (25) අළුයම මියගිය පුද්ගලයකු කොරෝනා ආසාදිතයකු බව තහවුරු වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා දැනුම් දී ඇත.

කොළඹ 02 පදිංචිකරුවකු වන මෙම තැනැත්තා 70 හැවිරිදි පිරිමි අයෙකි. ඔහු පසුගිය 23 වැනි දා රුධිරයට විෂබීජයක් ඇතුළුවීමෙන් සිදුවූ සංකූලතා හේතුවෙන් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇත. වෛද්‍යවරු පවසන්නේ එම රෝගියා මියගොස් ඇත්තේ එම සංකූළතා හේතුවෙන් බවයි.

මෙය ශ්‍රී ලංකාවෙන් වාර්තාවන කොවිඩ් ආසාදිත පුද්ගලයකුගේ 16 වැනි මරණය ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශය දන්වා සිටියි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here