-4.8 C
New York

මහාපරිමාන තෙල් වංචාවක් හෙළිදරව් වෙයි

Published:

වත්තල ඇලකන්ද ප්‍රදේශයේ ඉන්ධන පිරවුම්හළකට අයත් වාහන අංගයක් සඟවා තිබිය දී ඉන්ධන පිරවූ බවුසර් 04ක් අද (12) අත්අඩංගුවට ගත් බව පමුණුගම පොලිසිය පවසයි.

පෙට්‍රල්, ඩීසල්, භූමිතෙල් සහ තවත් හඳුනානොගත් තෙල් වර්ගයක් එම බවුසර්වල පුරවා තිබී ඇත. පොලිසිය පවසන්නේ එම ඉන්ධන ජනතාව අතර බෙදා නොදී මෙලෙස දින ගණනාවක් තිස්සේ සඟවාගෙන තිබූ බවයි.

ඔවුන් ඩීසල්වලට ‍භූමිතෙල් කලවම් කර ජනතාවට බෙදා දී ඇතැයි චෝදනාවක් ද එල්ල වී ඇති අතර ඒ ගැන ද මේ වනවිට පරීක්ෂණ සිදුවෙමින් පවතී.

එම බවුසර් සඟවාගෙන තිබූ ඉන්ධන පිරවුම්හළේ හිමිකරුට අයත් බලපත්‍ර දෙකක් වහාම අවලංගු කළ බව ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි.

Related articles

Recent articles

spot_img