spot_img
spot_imgspot_img

සතොසේ සහන මල්ල ප්‍රෝඩාවක්. ලාභය රුපියල් 2.00යි. බොන්න බැරි පිටි එකතු කරලා

පුවත්

විදෙස්

භාණ්ඩ මිල ඉහළ ගොස් ඇති බැවින් පාරිභෝගිකයාට සහනයක් ලෙස සතොස “සහන මල්ල” ලබාදෙන බව පැවසුව ද එය පාරිභෝගිකයා අමාරුවේ දමන ප්‍රෝඩාවකි.

ගාල්ලේ, හපුගල සතොසට ගොස් සීනි ඇත්දැයි විමසූ විට එහි සේවකයන් පවසන්නේ සීනි අවශ්‍යනම් සතොස සහන මල්ලක් මිල දී ගත යුතු බවයි.

රුපියල් 158.00ක් වටිනා සීනි කිලෝ ග්‍රෑම් එකක් මිල දී ගැනීමට සතොට යන්නේ නම් රුපියල් 1,950.00ක සහන මල්ලක් මිල දී ගත යුතුය.

ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය කරන හයිලන්ඩ් කිරිපිටි ග්‍රෑම් 400 පැකට්ටුවක් මිල දී ගැනීමට විමසුවහොත් එහි දී ද ලැබෙන පිළිතුරු වන්නේ සහන මල්ලක් මිල දී ගත යුතු බවයි.

සතොසෙන් හාල් කිලෝ ග්‍රෑමයක් හෝ දෙකක් මිල දී ගැනීමට හැකියාවක් නැත. හාල් සමඟ අඩුම ගණනේ තවත් කුමන හෝ ද්‍රව්‍යයක් මිල දී ගත යුතුයැයි සතොස සේවකයෝ පවසති. මෙය පාරිභෝගික පනත උල්ලංඝනය කිරීමකි. කිසිම වෙළෙඳ සැළකට භාණ්ඩ අළෙවියේ දී කොන්දේසි දැමීමට අයිතියක් නැත.

හපුගල, සතොස වෙතින් ලබාදෙන “සයන මල්ල”යැයි නම් කර ඇති පාරිභෝගිකයා රවටන ප්‍රොඩාකාරී භාණ්ඩ කිහිපය මෙසේය. එහි නාඩු සහල් කිලෝ ග්‍රෑම් 10.9ක් අඩංගු වෙයි. සතොසේ විකුණන නාඩු සහල් කිලෝ ග්‍රෑමයක් මිල රුපියල් 110.00කි. සහන මල්ලේ ඇති සහල්වල වටිනාකම සඳහන් කර ඇත්තේ ද 1,199.00ක් ලෙසිනි. ඒ සාමාන්‍ය හාල් මිල ම මිස අඩු මුදලක් නොවේ. ඊට අමතරව මේ ප්‍රෝඩාකාරී සහන මල්ලේ සීනි කිලෝ ග්‍රෑමයක් තිබේ. එහි මිල රුපියල් 158.00කි. තේ කොළ ග්‍රෑම් 100ක පැකට්ටුවක් ද එහි ඇතුළත් කර ඇති අතර එම පැකට්ටුවේ සාමාන්‍ය මිල රුපියල් 100.00කි. ප්‍රෝඩාකාරී සහන මල්ලේ මෙහි මිල දැක්වෙන්නේ රුපියල් 98.00ක් ලෙසිනි. දේශීයව නිෂ්පාදනය කරන හයිලන්ඩ් කිරි පිටි පැකට්ටුවක් ද මේ මල්ලට ඇතුළත් කර ඇති අතර එය සම්පූර්ණ යොදය සහිත කිරිපිටි පැකට්ටුවක් නොවේ. එය මේදය අඩුකරන ලද කිරිපිටි පැකට්ටුවකි. එහි සාමාන්‍ය වෙළෙඳ පොළ මිල සටහන් වන්නේ රුපියල් 495.00ක් ලෙසිනි. සතොස ප්‍රෝඩාකාරී සහන මල්ලේ ද එහි මිල දැක්වෙන්නේ රුපියල් 498.00ක් ලෙසිනි.

සහන මල්ලයැයි කියන මේ ප්‍රෝඩාකාරි මල්ලේ සාමාන්‍ය වෙළෙඳ පොළ වටිනාකම රුපියල් 1,952.00ක් වන අතර එය පාරිභෝගියන්ට අළෙවිි කරන්නේ රුපියල් 1,950.00ක මුදලකටය. ලාභය රුපියල් 2.00කි.

මෙහි ඇති තවත් ගැටලුවක් වන්නේ මේදය ඉවත්කරන ලද කිරිපිටි පානය කරන්නේ ඉතාමත් සුළු පිරිසක් පමණක් වීමයි. සතොස සහන මල්ලක මුවාවෙන් පාරිභෝගියන් රවටා දෙන මේ කිරිපිටි පැකට්ටුව කොලෙස්ටරෝල් අධික රෝගීන් සඳහා සුදුසු වුව ද බොහෝ දෙනකු පානය කරන්නේ නැත. විශේෂයෙන් ම කුඩා දරුවන් එම කිරිපිටි පානය ප්‍රතික්ෂේප කරයි. අවසානයේ පාරිභෝගිකයාට සිදුවන්නේ සීනි කිලෝවක් හෝ කිරිපිටි පැකට්ටුවක් මිල දී ගැනීමට ගොස් රජයෙන් සිදුකරන මුලාවකට හසුවීමයි.

පාරිභෝගිකයෝ තමන් පානය නොකරන කිරිපිටි වර්ගයක් වෙනුවෙන් සතොස ප්‍රෝඩාවට රැවටී රුපියල් 495.00ක් නිරපරාදේ ගෙවා දමති. මේ ආකාරයට සතොසට පාරිභෝගියන් රැවටිය හැකි ද යන්න රජයෙන් ප්‍රශ්න කළ යුතුය.

ගාල්ල දිස්ත්‍රික්කයේ පිහිටි හපුගල සතොසේ සහන මල්ලේ වටිනාකම පහත සඳහන් පරිදි වෙයි.

ද්‍රව්‍ය සාමාන්‍ය මිල සහන මල්ලේ මිල
ආනයනික නාඩු සහල් 10.9 Kg1199.001199.00
සීනි 1Kg158.00158.00
STC තේ කොළ 100g100.0098.00
මේදය ඉවත් කළ හයිලන්ඩ් කිරිපිටි495.00495.00
එකතුව1,952.001,950.00

හපුගල සතොස ශාඛාවෙන් නිකුත් කරන ලද බිල්පත පහතින් ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!