-4.8 C
New York

ලොකු හිමිවරු අමුතු බණක් කියද්දී පොඩි හිමිවරු එය මඟහැර යති

Published:

ආගමික සහ ජාතිවාදී අදහස් පතුරුවමින් අද (12) කොළම විහාරමහා දේවී උද්‍යානය අසළ පැවැති ආණ්ඩුවට සහය දක්වන උද‍්ඝෝෂණයේ දී එම උද්ඝෝෂණයට කඳවා තිබූ හිමිවරු විශාල පිරිසක් තමන්ට හිතට එකඟව මේ කාර්යයට දායක විය නොහැකියැයි පවසමින් අතමඟ හැරී යනු දක්නට ලැබිණි.

එම වීඩියෝව මෙතැනින් නරඹන්න

එසේ වුව ද භික්ෂූන් වහන්සේලා කිහිප දෙනකු විහාරමහා දේවී උද්‍යානයේ බුදු පිළිමය අසළට එක්වී ගෝටා ගෝ හෝම් යනුවෙන් මේ වනවිට ගාලු මුවදොර පිටියේ පැවැත්වෙන අඛණ්ඩ ජන අරගලය බුද්ධාගමට සහ සිංහල ජාතියට එරෙහි අරගලයක් බව කියා සිටියහ. එමෙන් ම එම අරගලයේ යෙදී සිටින තරුණයන්ට අරගලයෙන් පසු බලා ගමුයැයි කියමින් තර්ජනය ද කරනු දක්නට ලැබිණි.

Related articles

Recent articles

spot_img