spot_img
spot_imgspot_img

“චූදිතයන් හැරුණා රජගෙයි වංගුවෙන්” ගැයූ ෂිරාස් අරගල බිමේ දී දිවියෙන් සමුගනී

පුවත්

විදෙස්

ගාලු මුවදොර පිටියේ පැවැත්වෙන ආණ්ඩුවට එරෙහිි අඛණ්ඩ උද්ඝෝෂණයට ඊයේ (11) රාත්‍රී එක්ව සිටි මෙරට ජනප්‍රිිය ගායකයකු වන ෂිරාස් හදිසියේ ම මියගියේය.

රැප් ගායකයකු ලෙස ප්‍රසිද්ධියට පත්ව සිටි ඔහු ඊයේ රාත්‍රියේ දී Bob Marleyගේ get up stand up ගීතය ගායනා කර ඉන් විනාඩි කිහිපයකට පසු එම ස්ථානයේ දී ම ඇද වැටී තිබිණි. ගිලන්රථයකින් කොළඹ ජාතික රෝහලට ගෙන යන අතරතුර ඔහු මියගොස් ඇති බව වෛද්‍යවරු සනාථ කළේය.

වෛද්‍යවරු විශ්වාස කරන්නේ ඔහු හදිසි හෘදයාබාධයකින් මිය යන්නට ඇති බවයි. කෙසේ වෙතත් අද (12) පැවැත්වෙන හදිසි මරණ පරීක්ෂණයෙන් පසු ඒ පිළිබඳ ස්ථිර නිගමනයකට එළැඹීමට හැකිවනු ඇත.

උද්ඝෝෂණ භූමියේ දී සිදුවූ ෂිරාස්ගේ මරණය සම්බන්ධයෙන් මේ වනවිට අරගලයේ යෙදී සිටින බොහෝ පරිසක් සමාජ මාධ්‍යජලා ගිණුම්වල සඳහන් කර ඇති අතර ඔවුන් පවසන්නේ අරගලයට ඔහු අලුත් බලාපොරොත්තුවක් එක්කර ජීවිතයෙන් සමුගත් බවයි.

නන්නාදුනනා ඉහළින් ආපු නියෝගයේ

වින්දිතයන් මැරුණා හාමතේ බංකුවේ

චූදිතයන් හැරුණා රජගෙයි වංගුවෙන්……. යන ගීතයේ ඔහු මෙසේ ද ගයයි.

නිල්පාට මොණරු. කොලපාට ඇත්තු. රතු පිංකැට පිංවත්තු. සත්තු. සුදුපිරුවට ඇඳ මහත්වරුන් ඉන්නව හැමදාමත් පංසලේ. නීතිය ඇයි හැදුවේ මගෙ භීතිය. ප්‍රීතිය නැති වුණු මොහොතක. බීපිය වහ. වහපිය කට. උඹ උස්සනව. හංඟනව. උඩ දාල. බිම දාල..උතුර. දකුණ. බටහිර. එක කොඩියක ඔතල. නවල. දන්නෑ කවුරුත්. එන්නෑ කවුරුත්. ප්‍රජාතාන්ත්‍රික. දක්ෂිණාංශික. වාමාංශික. කොල්ලකරුවන් පිරිසගෙ සාවිය. ආයුබෝවන්. වනක්කම්. පුලුවන් විදියට දිවුරපන්. බොරු කියනා බව.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!