spot_img
spot_imgspot_img

ශ්‍රී ලංකාව වෙනුවෙන් සටන් කරන විදෙස් කාන්තාව

පුවත්

විදෙස්

ඇය උපන්නේ ශ්‍රී ලංකාවේ නොවේ. කිලෝ මීටර දහස් ගණනක් ඈත ස්විට්සර්ලන්තයේය. නමුත් ඇයට අනුව ලෝක‍යේ ලස්සනම රට ශ්‍රී ලංකාවයි.

ඒ නිසාම තම ජීවිතයේ අවසන් කාලය තමන් ආදරය කර මේ සුන්දර දිවයිනේ ගත කිරීමට ඇය තීරණය කළාය. ඒ නිසාම අදින් වසර 04කට පමණ පෙරාතුව මෙහි පැමිණි ඇය දැන් පවසන්නේ තවදුරටත් ශ්‍රී ලංකාව තමන්ට සුරක්ෂිත තැනක් නොවන බවයි.

ඒ නිසා ම මේ පාරාදීසයක් බඳු රට හැරදමා යාමට සිදුව ඇතැයි ඇය පවසන්නේ වේදනාවෙනි.

එලෙස තමන් උපන් රටට යාමට තීරණය කර සිටින ඇය, ගාලු මුවදොර පිටියේ විරෝධතාවයට ද එක්ව සිටියාය.

එහි දී ඇය මෙසේ කීවාය.

“මම මේ රටට ආදරෙයි. මේක පාරාදීසයක්. ලෝක‍යේ තියෙන ලස්සනම රට. මට දැන් මේ රටේ ආරක්ෂාවක් නෑ. ඒ නිසා මට යන්නවෙලා.”

මොහොතක් සටන් පාඨ කියූ ඇය අවසාන වශයෙන් මෙසේ කීවාය.

“සටන් නොකර මම යන්නේ නෑ. සටන් කරලයි මම යන්නේ”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!