spot_img
spot_imgspot_img

ගාල්ලේ දී ගෑස් හොර පාරේ යන හැටි rata.lk කැමරාවේ. කිසිත් නොදන්නා ජනතාව මහ පාරේ

පුවත්

විදෙස්

ගෑස් නොමැතිව ගාල්ලේ ජනතාව සිය ගණනක් මාර්ගය හරස්කර උද්ඝෝෂණය කරද්දී ගාල්ලේ ගෑස් ඒජන්තවරු අධිවේගී මාර්ග පිවිසුමේ දී හොර පාරේ ගෑස් සිලින්ඩර අධි මිලට විකුණන ආකාරය rata.lk කැමරාවේ සටහන් විය.

ඊයේ (10) ගෑස් තොගයක් ගාල්ල නගරයේ ලිට්‍රෝ ගෑස් බෙදාහැරීමේ ප්‍රධාන නියෝජිතයාට ලැබෙන බවට තොරතුරු ලැබීම හේතුවෙන් විශාල පිරිසක් ඊයේ රාත්‍රියේ සිට එම නියෝජිත ආයතනය අසළ පෝළිම් ගැසී සිටියහ.

මේ අවස්ථාවේ දී ගෑස් පුරවාගත් ලොරියක් පැමිණිය ද ගෑස් බෙදාදීමක් නොකරම මාගාල්ලේ ස්ථානයකට ගොස් ගාල් කළ අතර අද (11) උදෑසන ගෑස් ලබා ගැනීමේ අරමුණෙන් විශාල පිරිසක් එම ස්ථානයේ රැය පහන් කළහ. නමුත් අද (11) ඔවුන්ට ගෑස් ලැබුණේ නැත.

ගෑස් ලබාගැනීමට පැමිණි පුද්ගලයන් චෝදනා කළේ පෝළිමේ සිටි අයට ගෑස් නොදී පොලිසියේ නිලධාරීන්ට සහ ව්‍යාපාරිකයන්ට ගෑස් බෙදා දුන් බවයි. ඒ නිසා ගෑස් ලැබුණේ සුළු පිරිසකට බව පවසමින් විශාල පිරිසක් ගාල්ලේ මාර්ගය වසා දමා විරෝධතාවක ද නිරත වූහ.

මේ අතර එම ස්ථානයට පැමිණි ගෑස් බෙදාහැරීමේ නියෝජිත ආයතනයේ අයකු ගෑස් ලබාගැනීමට පැමිණි පුද්ගලයන්ට තුණ්ඩු ලබාදුන් අතර පළමුව පැමිණෙන ගෑස් පැටවූ ලොරියෙන් ම ගෑස් ටැංකි 400ක් ලබා දෙන බව කියා තිබිණි.

නමුත්, සිදුවූයේ පොරොන්දුව ඉටුවීම නොවේ. තවත් එවැනිම රැවටීමකි. අද (11) සවස අධිවේගී මාර්ගය ඔස්සේ පැමිණි ලිට්‍රෝ සමාගමේ ගෑස් ප්‍රවාහනය කරන බෙදා හැරීමේ නියෝජිත ජේ.පී.ට්‍රේඩර්ස් ආයතනයේ SP LO 7845 දරණ ලොරියක් පින්නදුව හුවමාරුවෙන් පිටතට පැමිණ ගාල්ල දෙවට දක්වා යන පිවිසුමේ එක් පසෙකට කර නතර කෙරිණි.

එතැනට අංක SP JS 3810 නමැති සුදු පැහැති වෑන් රථයක් පැමිණියේය. ලොරියෙන් ගෑස් සිලින්ඩර විශාල සංඛ්‍යාවක් එම වෑන් රථයට පැටවිණි.

ලිට්‍රෝ සමාගම යනු රජය සතු සමාගමකි. මේ සමාගම දැන් කරන්නේ ජනතාව ගොනාට අන්දවමින් ගෑස් අතරමග දී හොර පාරේ අධි මිලට විකිණීමයි.

මෙය රජයේ අවධානයට පත්විය යුතු දෙයකි.

වීඩියෝ සාක්ෂි පහතින් දැක්වෙයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!