3.8 C
New York

තෙල් ගන්න, ග්‍රාම නිලධාරී කෘෂි නිලධාරී සහතිකයක් ඕනෑ වෙයි. බුලිවලට තෙල් නෑ

Published:

ඉදිරි දින කිහිපයේ දී ඉන්ධන පිරවුම්හල් වෙතින් ඉන්ධන බෙදාහැරීම සම්බන්ධයෙන් රජය විශේෂ තීරණයක් ගෙන තිබේ.

ඒ අනුව අප්‍රේල් 12 (හෙට) 13 සහ 14 දිනවල දී ඉන්ධන පිරවුම්හල් වෙතින් කෑන් සහ බුලිවෙත ඉන්ධන නිකුත්කිරීම සම්පූර්ණයෙන් ම අත්හිටුවන ලෙස නියෝග කර තිබේ.

ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති සුමිත් විජේසිංහ මේ බව කියා සිටියේ මහජන උපයෝගීතා කොමිසමේ පැවැති මාධ්‍ය හමුවක දී අදහස් දක්වමිනි.

ඔහු වැඩිදුරටත් මෙසේ ද කීවේය.

“ඉදිරි දින තුනේ දී බුලි සහ කෑන් සඳහා ඉන්ධන ලබාදීම නතර කරනවා. ප්‍රදේශයේ කෘෂිකර්ම පර්යේෂණ නිලධාරී සහ ග්‍රාම නිලධාරීවරයාගේ සහතික කිරීම මත පමණක් ගෙගාවි මහත්වරුන්ට කෘෂිකාර්මික රථ සඳහා අවශ්‍ය ඉන්ධන පිරවුම්හල් වෙතින් ලබාගන්න වැඩපිළිවෙලක් සකස් කළා. පසුගිය දිනවල බුලි සහ කෑන් සඳහා ඉන්ධන විශාල වශයෙන් අරගෙන යාම නිසා පොලිස්පතිතුමා මේ සම්බන්ධයෙන් මැදිහත් වෙන්න කියා අපෙන් ඉල්ලීමක් කළා. කිසිම ආකාරයකින් ඉන්ධන පුද්ගලිකව රැස්කරගෙන ඉන්න බලයක් කාටවත් නැහැ. නමුත් ඇතැම් තැන්වල තිබී ඉන්ධන ලීටර 10,000ක් වැනි විශාල තොග පවා සොයානෙ තිබෙනවා.”

Related articles

Recent articles

spot_img