-4.8 C
New York

හලාවත උණුසුම් වෙයි. ගෝඨා ඉල්ලූ අයට ජනතාවගෙන් දැඩි විරෝධයක්

Published:

හලාවත නගරයේ මේ වනවිට දැඩි උණුසුම්කාරී තත්වයක් හටගෙන තිබේ.

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාට සහය දක්වමින් ප්‍රාදේශීය සභා සහ නගර සභා නියෝජිතයන් කිහිප දෙනකුගේ මෙහෙයවීමෙන් පැමිණි පිරිසක් පන්නා දැමීමට නගරයේ සහ අවට පදිංචි ජනතාව කටයුතු කිරීමෙන් මෙම උණුසුම්කාරී තත්වය උදා වී තිබේ.

ඉන්ධන පිරවුම්හල් අසළ පෝළිම්වල සහ ගෑස් පෝළිම්වල රැඳී සිටි ජනතාවත් නගර වාසී ජනතාවත් මේ ආකාරයෙන් ඔවුන්ට පහර දීමට තැත් කරමින් සහ හූ කියමින් එළවා දැමීම සිදුකරන අතර පොලිසිය ගැටුමක් ඇති නොවීම වළක්වා ගැනීම සඳහා උත්සාහ කරමින් සිටියි.

ගෝඨාභය රාජපකෂ ජනාධිපතිවරයා අවශ්‍යයැයි උද්ඝෝෂණයේ නිරත වූ පිරිස ඉතාමත් සුළු සංඛ්‍යාවක් වන අතර ඔවුන්ට විරෝධය දක්වන සංඛ්‍යාව එන්න එන්නම වැඩි වෙමින් පවතින බව එහි සටින මාධ්‍යවේදීහු කියති.

Related articles

Recent articles

spot_img