කොළඹ කොටුව පොලිස් බලප්‍රදේශයට නිරෝධායන ඇඳිරිනීතිය පැනවීම හේතුවෙන් දුම්රිය රැසක් අද (25) මධ්‍යම රාත්‍රියේ සිට ධාවනය නොකිරීමට සිදුව ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.
මේ අනුව සියලුම රාත්‍රී තැපැල් දුම්රිය අද (25) සිට නැවත දැනුම්දෙන තුරු අවලංගු කර ඇත. සියලුම නගරාන්තර දුම්රිය හා දුරගමන් සේවා දුම්රිය ද ධාවනය නවතා ඇත. ප්‍රධාන මාර්ගයේ පුත්තලම මාර්ගයේ, කැලණිවැලි මාර්ගයේ සියලුම කාර්යාල දුම්රිය සහ මගී දුම්රිය අවලංගු කර ඇත. මුහුදු බඩ මාර්ගයේ හෙට (26) සිට ක්‍රියාත්මක වන්න් දුම්රිය ගමන් වාර 06ක් පමණි. එම දුම්රිය ද කොල්ලුපිටිය දුම්රිය ස්ථානය දක්වා පමණක් මගීන් රැගෙන ඒම සිදුකරයි.
එම දුම්රිය 06 පහත සඳහන් කර ඇත.
- ගාල්ල සිට පැමිණෙන අංක 8311 (ගාල්ලෙන් පිටත්විම පැය 03.15)
- බෙලිඅත්ත සිට පැමිණෙන 8097 සාගරිකා දුම්රිය (බෙලිඅත්තෙන් පිටත්වීම පැය 04.30)
- ගාල්ල සිට පැමිණෙන 8327 සමුද්‍ර දේවී දුම්රිය (ගාල්ලෙන් පිටත්වීම පැය 05.00)
- පැය 16.00ට මරාදාන දුම්රිය ස්ථානයේන (අංක 8096 සාගරිකා) (කොල්ලුපිටිය – බෙලිඅත්ත)
- පැය 17.25ට මරදාන දුම්රිය ස්ථානයෙන් (අංක 8760 සමුද්‍රදේවී) (කොල්ලුපිටිය – ගාල්ල)
- පැය 18.10ට මරදාන දුම්රිය ස්ථානයෙන් (අංක 8766) (කොල්ලුපිටිය – ගාල්ල)
දුම්රිය දෙපාර්තමේන්තුව පවසන්නේ මීට අමතරව අලුත්ගම-ගාල්ල, ගාල්ල-බෙලිඅත්ත, පොල්ගහවෙල-මහව සහ නාවලපිටිය කොට්ඨාසයෙත්, අනුරාධපුර කොට්ඨාසයේත් සියලුම කෙටිදුර දුම්රියයන් සාමාන්‍ය පරිදි ධාවනය වන බවයි.

