-4.8 C
New York

ත්‍රී රෝද රථයක් සැඩ පහරට හසුවෙයි. රියදුරා මරුට

Published:

ඉංගිරියේ මෙනේරිගම, ඉඳිකටු හන්දිය සපත්තුපාලම මතින් ගමන් කරමින් තිබූ ත්‍රී රෝද රථයක් අද (10) සැඩ පහරට හසුව ගසාගෙන යාමෙන් එහි රියදුරා මියගොස් ඇතැයි පොලිසිය පවසයි.

මෙලෙස මියගොස් ඇත්තේ ඉංගිරිය මඩකඩ පදිංචි රඹුක්කනගේ ශ්‍රීමාල් නමැති 46 හැවිරිදි දෙදරු පියෙකි.

ඉංගිරියේ සිට මෙනේරිගම දක්වා දෙදෙනකු රැගෙන කුලී ගමනක් යාමට පැමිණ ඇති අතර අනතුර සිදුවූ ස්ථානයේ සපත්තු පාලම මතින් සැඩ පහර ගලායාම හේතුනේ එහි පැමිණි දෙදෙනා රථයෙන් බැස රියදුරාට පවසා ඇත්තේ ආපසු හැරී යන ලෙසිය. නමුත් රියදුරා එය නොතකා සපත්තු පාලම හරහා ගමන් කර ඇත.

ඔවුන් දෙදෙනා බලා සිටිය දී ම රථය සැඩ පහරට හසුව ගසාගෙන ගොස් ඇති අතර ගම්වාසීන් සමඟ එක්වී රියදුරා බේරාගැනීමට උත්සාහ ගත්ත ද එය ව්‍යර්ථ වී තිබේ.

ඉංගිරිය පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

Related articles

Recent articles

spot_img