-2.1 C
New York

මහ වැසි, රෑ දහවල් නොතකා Go Home Gota ජන අරගලය අඛණ්ඩව

Published:

ගාලු මුවදොර පිටියේ දී ඊයේ (09) උදෑසන ආරම්භ වූ Go Home Gota නමැති ආණ්ඩුවට එරෙහි මහජන විරෝධතාව අද (10) රාත්‍රිය දක්වාම අඛණ්ඩව පැවැත්වෙයි.

විරෝධතා කරුවන් පවසන්නේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සිය ධූරයෙන් ඉල්ලා අස්වනතුරු අඛණ්ඩව පවත්වන බවයි. “අම්මේ……. අවුරුද්දට ගෙදර එන්නේ නෑ” යනුවෙන් ‍අරගලයට සම්බන්ධ වූ බොහෝ දෙනකු තම සමාජ මාධ්‍ය ගිනුම්වල ප්‍රදර්ශනය කර තිබෙනු ද දක්නට ලැබේ.

මේ වනවිටත් දහස් සංඛ්‍යාත පිරිස් ගාලු මුවදොර පිටියේ ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට රැස්වී සටන් පාඨ කියමින් අඛණ්ඩව අරගලයේ යෙදෙන අතර වරින් වර පතිතවන මහ වැස්සේ පවා ඔවුහු තම විරෝධතාව දිගටම පවත්වාගෙන යති.

මේ වනවිට එම ස්ථානයේ කූඩාරම් කිහිපයක් ද ඉදිකර ඇති අතර, ප්‍රථමාධාර සහ වෛද්‍ය ආධාර කණ්ඩායම් ද පැමිණ විරෝධතාවයේ යෙදෙන පිරිස්වලට අවශ්‍ය සහයෝගය දක්වන අතර විශාල පිරිසක් ඔවුන්ට අවශ්‍ය පානීය ජලය සහ ආහාර සැපයීම ද සිදුකරයි. එමෙන් ම විරෝධතාවයේ යෙදෙී සිටින පුද්ගලයන්ගේ අවශ්‍යතාව සඳහා තාවකාලික ජංගම වැසිකිළි පද්ධතියක් ද එම ස්ථානයට ගෙනවිත් තිබෙනු දක්නට ලැබේ.

විවිධ ප්‍රදේශවලින් පැමිණි විවිධ ජාතීන්ට සහ විවිධ ආගම්වලට අයත් ජන කොටස් මෙම ස්ථා‍නයේ අරගලයේ යෙදී සිටින අතර ඇතැම් පුද්ගලයෝ සිය වයෝවෘද්ධ දෙමාපියන් මෙන්ම දූ දරුවන් ද සමඟ පැමිණ මේ විරෝධතාවයට සහය දෙන ආකාරය ද දක්නට ලැබෙයි.

Related articles

Recent articles

spot_img