-5.9 C
New York

ජනාධිපති හා ස්වාධීන වූ මන්ත්‍රීවරු 41 අතර විශේෂ හමුවක් ?

Published:

පවතින අර්බුදකාරී තත්වය හමුවේ මේ වනවිට ආණ්ඩුවෙන් ඉවත්ව පාර්ලිමේන්තුව තුළ ස්වාධීනව කටයුතු කරන බව ප්‍රකාශ කර ඇති මන්ත්‍රීවරු 41 දෙනා සමඟ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අද (10) රාත්‍රී සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතව තිබේ.

එම සාකච්ඡාව රාත්‍රී 7.00ට ආරම්භ වන බව ද තහවුරු වී ඇත.

විපක්ෂය ආණ්ඩුවට එරෙහි විශ්වාසභංග යෝජනාවක් මේ වනවිට අත්සන් කිරීම ආරම්භ කර ඇති අතර විපක්ෂයේ මන්ත්‍රීවරු පවසා සිටියේ ඊයේ (09) සවස් වනවිට ඒ සඳහා අත්සන් 100ක් ලැබී තිබුණු බවයි. කෙසේ වෙතත් ‍විශ්වාසභංග ‍යෝජනාව සම්මත කරගැනීමට නම් මෙම ස්වාධීන මන්ත්‍රීවරුන්ගේ සහාය විපක්ෂයට අත්‍යාවශ්‍ය වෙයි.

හිටපු ජනාධිපති පාර්ලිමේන්තු මන්ත්‍රී මෛත්‍රීපාල සිරිසේන පවසන්නේ අද රාත්‍රී පැවැත්වෙන සාකච්ඡාවේ දී ද ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් ඉදිරිපත් කර ඇති අන්තර්පාලන ආණ්ඩුවක් පිහිටුවීම ඇතුළු යෝජනාවලිය සම්බන්ධයෙන් සාකච්ඡා කරන බවයි. සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීමට ජනාධිපතිවරයා සහ අගමැතිවරයා එකඟ වූ බව ආණ්ඩුවෙන් ඉවත්ව ස්වාධීන වූ විමල් වීරවංශ සහ උදය ගම්මම්පිල හිටපු අමාත්‍යවරු ද කීහ.

එසේ වුව ද එවැනි අන්තර්පාන ආණ්ඩුවක් පිහිටුවීම සඳහා ජනාධිපතිවරයාගේ කැමැත්ත ලැබී නැතැයි ද ප්‍රකාශ වී තිබිණි.

මේ වනවිට පවතින ආණ්ඩුව රැකගැනීම සඳහා විවිධ මෙහෙයුම් දියත් වී ඇති බවත් ස්වාධීන වූ මන්ත්‍රීවරුන්ට විවිධ වරදාන වරප්‍රසාද සහිත යෝජනා ඉදිරිපත්වන බවත් දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරයි.

Related articles

Recent articles

spot_img