-5.9 C
New York

දිස්ත්‍රික්ක 08ක නාය යාමේ අවදානම්

Published:

පහළ වායුගෝලයේ ඇති වී තිබෙන කැළඹිලි ස්වභාවය නිසා දින කිහිපයක් තිස්සේ පවතින මහ වැසි හේතුවෙන් දිස්ත්‍රික්ක 08ක නාය යාමේ අවදානමක් ඇතැයි ජාතික ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය සහ භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශය විසින් මීට පෙර හඳුනාගෙන ඇති නාය යාමේ අවදානමක් සහිත ස්ථානවලින් වහාම ඉවත්වන ලෙස ඒ අවට පදිංචිකරුවන්ට ආපදා කළමනාකරණ ඒකකය දැනුම් දෙයි.

කොළඹ, කළුතර, කෑගල්ල, කුරුණෑගල, මහනුවර, මාතලේ, නුවරඑළිය සහ බදුල්ල දිස්ත්‍රික්කය සඳහා මෙලෙස අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ.

Related articles

Recent articles

spot_img