-5.9 C
New York

සඟවාගෙන සිටි ලිට්‍රෝ ගෑස් තොගයක්, දිස්ත්‍රික් ලේකම් මැදිහත් වී බෙදා දෙයි

Published:

හැටන් නගරයේ ලිට්‍රෝ ගෑස් අළෙවි නියෝජිතයකු විසින් සඟවාගෙන සිටි ගෑස් සිලින්ඩර තොගයක් දිස්ත්‍රික් ලේකම් විසින් පොලිසියේ ද මැදිහත්වීමෙන් බෙදා දී තිබේ.

අලෙවි නියෝජිතයා වෙත ගෑස් සිලින්ඩර 100ක් සමාගම විසින් සපයා තිබිය දී ඔහු ඒවා බෙදානොදී තම අළෙවි නියෝජිත ආයතනයේ දොරවල් වසා දමා ඉවත්ව ගොස් තිබිණි. මේ බව පාරිභෝගිකයන් විසින් දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබොඩ වෙත දැනුම් දීමෙන් පසු මෙලෙස සිලින්ඩර බෙදාහැරීමට පියවර ගැණිනි.

පොලිසිය සමඟ පැමිණි දිස්ත්‍රික් ලේකම්වරයා එම අළෙවි නියෝජිත ආයතනයේ දොරගුළු කඩා එහි තිබූ ගෑස් සිලින්ඩර 48ක් බෙදා දී තිබේ. අනෙක් ගෑස් සිලින්ඩර 52 සොයාගත නොහැකි වුව ද පාරිභෝගිකයන් පවසන්නේ ඔහු එම ස්ථානයට ගෑස් සිලින්ඩර ලැබුණු පසු එකම සිලින්ඩරයක් හෝ බෙදා නොදුන් බවයි.

Related articles

Recent articles

spot_img