-4.8 C
New York

මහ වැසි හේතුවෙන් ජලාශ කිහිපයක වාන් දොරටු විවෘත කරයි

Published:

ජලාශ ආශ්‍රිත ප්‍රදේශවලට මහ වැසි ඇද හැළෙමින් පවතින බවත් මේ වනවිට ජලාශ කිහිපය වාන් දොරටු විවෘත කර ඇති බවත් වාරිමාග් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ (ජල කළමනාකරණ) ඉංජිනේරු ඩී.අබේසිරිවර්ධන පවසයි.

මේ වනවිට අනුරාධපුර දිස්ත්‍රික්කයේ රාජංගන ජලාශයේ වාන් දොරටු 06ක් අඩි 04 බැගින් විවෘත කර ඇති අතර අංගමුව ජලාශයේ වාන් දොරට් 02ක් ද කුරුණෑගල දිස්ත්‍රික්කයේ දැදුරුඔය ජලාශයේ වාන් දොරටු 05ක් සහ මඩකලපුව දිස්ත්‍රික්කයේ උන්නිච්චි ජලාශයේ වාන් දොරටුවක් මෙලෙස විවෘත කර තිබේ.

වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසන්නේ මේ වනවිට සුළු ජල ධාරිතාවක් දැදුරුඔය, කලා ඔය වෙත මුදාහරින අතර ගංවතුර අවදානමක් අද (10) උදෑසන 9.00 දක්වා වාර්තා වී නැති බවයි.

කෙසේ වෙතත් තවදුරටත් අධික වැසි පවතින බැවින් ජාලශ හා වාරිමාර්ග ආශ්‍රිතව ජීවත්වන පුද්ගලයන් සහ ඒවා භාවිතා කරන පුද්ගලයන් විමසිල්ලෙන් පසුවිය යුතු බව ද වාරිමාර්ග දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.

Related articles

Recent articles

spot_img