spot_img
spot_imgspot_img

රට හැරදමා යන පිරිස කිහිප ගුණයකින් වැඩි වෙලා

පුවත්

විදෙස්

විදේශ ගතවීමේ බලාපොරොත්තුවෙන් විදෙස් ගමන් බලපත්‍ර ලබාගැනීම සඳහා ආගමන විගමන දෙපාර්තමේන්තුවට පැමිණෙන තරුණ තරුණියන් සංඛ්‍යාව වෙනත් වසරවලට සාපේක්ෂව 30% – 40% ත් අතර ප්‍රමාණයකින් වැඩි වී ඇතැයි ආගමන විගමන දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

විදේශ රටවල ජීවත්වන ශ්‍රී ලාංකිකයන් විශාල පිරිසක් තම සමීපත ම ඥාතීන් එම රටවලට ගෙන්වා ගැනීමට උත්සාහ ගන්නා බව ද නිරීක්ෂණය වී තිබේ. බොහෝ පිරිස් එවැනි අනුග්‍රහයක් අපේක්ෂාවෙන් සිටින බව ද පැවසේ.

සමාජ මාධ්‍ය ජාලාවල ද විදේශ ගතවීමේ හැකියාව පිළිබඳ විමසන අයුරු විශාල වශයෙන් දක්නට ලැබේ. මේ සඳහා වෙන ම සමූහ සහ විශේෂ පිටු පවා නිර්මාණය වී ඇත.

එමෙන් ම විදේශ රැකියා නියෝජිත ආයතන වෙත යොමුවන පිරිස් ද විශාල වශයෙන් වැඩි වී ඇතැයි වාර්තා වෙයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!