spot_img
spot_imgspot_img

එළුවන්කුලමේ ශාක සංහාරයක්

පුවත්

විදෙස්

වනාතවිල්ලුව පරණ එළුවන්කුලම කුඹුරුවල ඇති විශාල ශාක රැසක් ගිනිතබා විනාශ කර ඇතැයි පරිසර සංවිධාන චෝදනා කරයි.

මෙලෙස විනාශ කර ඇත්තේ කුඹුක්, මී, නුග වැනි වසර සිය ගණනක් පැරණි ශාක ගණනාවකි. පරිසරවේදීන් පවසන්නේ තම කුඹුරුවලට වන සතුන් පැමිණීම වැළැක්වීමේ අරමුණින් කුඹුරු හිමියන් විසින් මෙම ශාක විනාශකර ඇති බවයි

අක්කර 500කට වැඩි විශාලත්වයකින් යුක්තය. කුඹුරු යාය විල්පත්තුව ජාතික වනෝද්‍යානයට ඉතා ආසන්නයෙන් පිහිටා ඇති බැවින් වනාන්තරයේ කුරුළු ප්‍රජාව ද නිතර මේ ස්ථානවල සැරිසරති.

මෙලෙස ශාක විනාශකිරිම පිළිබඳ පුත්තලම දිස්ත්‍රික් ගොවිජන සේවා සහකාර කොමසාරිස් පාලිත සේනාධීර මහතා කියා සීයේ කිසිම ආකාරයකින් කුඹුරක හෝ වෙනත් තැනක ඇති ශාක මෙසේ ගිනි තැබීමට හෝ විනාශ කිරීමට කිසිවෙකුට අයිතියක් නොමැති බවයි. මේ පිළිබඳ කඩිනමින් සොයා බලන බව ද සහකාර කොමසාරිස්වරයා කියා සිටියේය.

වනාතවිල්ලුව ප්‍රාදේශීය ලේකම් චතුරක ජයසිංහ මහතා පවසන්නේ පරිසර කමිටුවේ අවසරයින් තොරව කුඹුක් ශාකවලට හානි කිරීමට කිසිවෙකුට හැකියාවක් නොමැති බවයි.

පුත්තලම ප්‍රාදේශීය වාරිමාර්ග ඉංජිනේරු දිලිප හෙට්ටිආරච්චි මහතා පවසන්නේ මේ කුඹුරුයායට ජලය සපයන නෙළුම් වැව ආසන්නයේ තිබූ කුඹුක් ගසකට හානි කළ පිරිසකට තමන් දැඩි සේ අවවාද කළ බවයි. මෙවර සිදුකර ඇති ශාක විනාශය ගැන ද සොයා බලන බව හෙට්ටිආරච්චි මහතා පැවසීය.

හිරාන් ප්‍රියංකර ජයසිංහ – ලංකාදීප

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!