-4.8 C
New York

පාර්ලිමේන්තුව මහජනතාවට තහනම් වෙයි ?

Published:

පාර්ලිමේන්තුව තවදුරටත් මහජනතාව සඳහා වසා තැබීමට තීරණය කර ඇතැයි පාර්ලිමේන්තුවේ අභ්‍යන්තර ආරංචිමාර්ග තහවුරු කරයි.

පසුගිය කොරෝනා වසංගතය හේතුවෙන් මහජන ගැලරිය වසා දැමුණු අතර පවතින අර්බුදය හේතුවෙන් පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව සැළකිල්ලට ගනිමින් තවදුරටත එය වසා තැබීමට තීරණය කර තිබේ.

පසුගිය දා මහජන ගැලරිය නැවත විවෘත කෙරිණි.

මහජන ගැලරි  මේ දිනවල විවෘත කිරීමෙන් මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන්  විවිධ ගැටලු මතුවිය හැකි බව  ආරක්ෂක අංශ ප්‍රධානීන් සහ  විශේෂඥයන් පාර්ලිමේන්තු ප්‍රධානින්ට දැනටමත් කරුණු  පෙන්වාදී ඇත.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ  පවුල්වල සාමාජිකයන්ට පාර්ලිමේන්තුව දැක බලා ගැනීම සඳහා අවසරය පසුගිය අප්‍රේල් පළවෙනිදා සිට ලැබුණු අතර එම කටයුතුද පවතින තත්වය හේතුවෙන් තාවකාලිකව නතර කර ඇත.

කෙසේ වෙතත් අවුරුදු 30ක කාලයක් යුද්ධයක් පවතිද්දී වුව ද පාර්ලිලමේන්තු මහජන ගැලරිය වැඩි කාලයක් විවෘතව තිබිණි.

Related articles

Recent articles

spot_img