කොස්ගොඩ පොලිසියේ නිලධාරීන් දෙදෙනකු කොරෝනා ආසාදිතයකු සමීපව ඇසුරුකර තිබීම හේතුවෙන් කොස්ගොඩ පොලිසිය අද (25) රාත්‍රී සිට තාවකාලිකව වසා දැමීමට පියවර ගෙන තිබේ.
අහුංගල්ල කටුවිල ගම්මානයේ පදිංචි වෙද මහත්මයකුගෙන් මෙම නිලධරින් දෙදෙනා ප්‍රතිකාර ගෙන තිබිණි. කටුවිල මළ ගෙදරකට කොරෝනා ආසාදනය වූ කොළඹ නැව් තටාංගනයේ සේවකයකු පැමිණීම හේතුවෙන් කරන ලද පීසීආර් පරීක්ෂණවලින් පසු එම වෙද මහත්මයා ද කොරෝනා ආසාදිත බව හඳුනාගෙන තිබේ.
එම පොලිස් නිලධාරීන් දෙදෙනා සහ ඔවුන් සමීපව ඇසුරු කළ අනෙක් පොලිස් නිලධාරීන් ද ස්වයං නිරෝධායනයට ලක්කර ඇති බව සෞඛ්‍ය අංශ පවසයි.
කටුවිල ගම්මානය දැනට හුදකලා කර ඇති බැවින් එහි මුර සේවාවල යොදවා සිටි කොස්ගොඩ පොලිස් නිලධාරීන් ඇතුළු ඔවුන් හා ස්පර්ශවූ අනෙකුත් නිලධාරීන් ද එම සේවාකටයුතුවලින් ඉවත්කර අද සවස වෙනත් නිලධාරීන් අනුයුක්ත කිරීමට කටයුතු යොදා තිබිණි.
පොලිස් ස්ථානය විෂබීජහරණය කර වෙනත් පොලිස් ස්ථානවලින් නිලධාරීන් අනුයුක්ත කිර හැකි ඉක්මණින් පොලිස් ස්ථානය යළි මහජන කටයුතු සඳහා විවෘතකරන බව ද පොලිසිය පවසයි.