spot_img
spot_imgspot_img

ගෝල් ෆේස් වැසූ කතාවේ ඇත්ත මෙන්න

පුවත්

විදෙස්

කොළඹ ‍ගාලු මුවදොර පිටිය (Galle Face) හදිසියේ ම වසා දමා ඇතැයි විශාල ප්‍රචාරයක් සමාජ මාධ්‍යවල පැතිරයමින් පවතී.

රජයට විරෝධය දක්වමින් හෙට (09) කොළඹ ගාලු මුවදොර පිටියට මිලියනයක ජනතාවක් රැස්වන බවට සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරයවීමත් සමඟ රජයේ මැදිහත්වීමෙන් එම පිට්ටනිය වසා දමා ඇතැයි දැන් ප්‍රචාරය වෙමින් පවතී.

එය ප්‍රචාරය කරන්නේ “ගාලු මුවදොර පිටියේ අලුත්වැඩියා කටයුත්තක් සිදුවන බැවින් සාමාන්‍ය ජනතාවට ගාලු මුවදොර පිටියට ඇතුළුවීම තහනම්” යනුවෙන් සඳහන් පුවරුවක් ද ප්‍රදර්ශනය කරමිනි.

නමුත් ශ්‍රී ලංකා වරාය අධිකාරිය පවසන්නේ මෙම පුවරුව සවිකරන ලද්දේ දින ගණනකට පෙර බවයි. එහි පිඩලි ඇල්ලීමේ ව්‍යාපෘතියක් පැවැත්වෙන බැවින් එක කොටසක් වසා දමා ඇති බවත්, එම කොටසට පමණක් ජනතාවට ඇතුළුවීම තහනම් කරමින් පුවරුවක් සවිකර ඇති බවත් වරාය අධිකාරිය පවසයි.

අනෙක් කොටසට ඇතුළුවීමට කිසිදු බාධාවක් නැති බව ද වරාය අධිකාරියේ බලධාරීන් කියයි.

කෙසේ වෙතත් පිඩලි අල්ලන ප්‍රදේශය පමණක් තහනම් කර ඇත්නම් එහි පුවරුව සවිකළ යුතු වන්නේ ගාලු මුවදොර පිටියට සාමාන්‍ය ජනතාව ඇතුළුවීම තහනම් යැයි පවසමින් නොව “සංවර්ධන කාර්යයක් සිදුවන මෙම ප්‍රදේශයට ඇතුළුවීම තහනම්” යනුවෙනි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!