spot_img
spot_imgspot_img

“මම ඇත්ත හංගන්නේ නෑ. ස්වාධීනව වැඩ කරනවා” – මහ බැංකු අධිපති

පුවත්

විදෙස්

“මම ස්වාධීනව කටයුතු කරන පුද්ගලයෙක්. මට කරුණු කිසිවක් සඟවන්න අවශ්‍යතාවක් නෑ.” යැයි නව මහබැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ අද (08) රාජකාරී ආරම්භ කිරීමෙන් පසු මාධ්‍ය හමුවක් පවත්වමින් කියා සිටියේය.

ඔහු වැඩිදුරටත් කියා සිටියේ ශ්‍රී ලංකා මහ බැංකුවට දේශපාලන ඇඟිලිගැසීම්වලින් තොරව ස්වාධීනව කටයුතු කරගෙන යාමට ඉඩදීමෙන් මෙම අර්බුදයෙන් මිදීමට හැකියාව ලැබෙන බවයි.

මෙරට මූල්‍ය පද්ධතියේ ඇති අසමතුලිතතාව මඟ හැරවීම සඳහා ප්‍රතිපත්තිමය තීරණය ගත යුතු බවත්, පොලී අනුපාත වැඩිකිරීමට මූල්‍ය මණ්ඩලය තීරණය කර ඇති බවත් අචාර්ය වීරසිංහ කියා සිටියේය.

ඔහු පවසසන්නේ පොලී අනුපාතිකය 7%කින් ඉහළ යන බවයි. එවැනි ප්‍රමාණයකින් පොලී අනුපතිකය ඉහළ ගියහොත් එය මෙරට ඉතිහාසයේ එකවර වැඩිම අගයකින් පොලී අනුපාතිකය ඉහළ දැමූ අවස්ථාව ද වනු ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!