-0.4 C
New York

යුක්රේනයට රොකට් ප්‍රහාර, 39ක් මරුට

Published:

නැගෙනහිර යුක්‍රේනයේ ක්‍රමටෝර්ස්ක්හි දුම්රිය ස්ථානයකට අද(08) එල්ලවූ රොකට් ප්‍රහාරයකින් අවම වශයෙන් පුද්ගලයින් 39 දෙනෙකු මිය ගොස් 87 දෙනෙකු තුවාල ලබා ඇති බව යුක්‍රේන බලධාරීහු පවසති.

ඩොනෙට්ස්ක් ප්‍රදේශයේ ආණ්ඩුකාරවරයා පැවසුවේ රොකට් ප්‍රහාර එල්ල කරන අවස්ථාවේ සිවිල් වැසියන් දහස් ගණනක් දුම්රිය ස්ථානයේ සිටි බවයි. එය හිතාමතා එල්ල කරන ලද ප්‍රහාරයක් ලෙස ඔහු විස්තර කළ අතර තුවාල ලැබූවන්ගෙන් බොහෝ දෙනෙකුගේ තත්ත්වය බරපතල බවද ඔහු පැවසීය.

“ඔවුන්ට අවශ්‍ය වූයේ භීතිය වැපිරීමටයි, ඔවුන්ට අවශ්‍ය වූයේ හැකි තරම් සිවිල් වැසියන් මරණයට පත්කිරීමටයි,” ඔහු පැවසීය.

රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය කියා සිටියේ දුම්රිය ස්ථානයට පහර දුන් බව කියන මිසයිල යුක්‍රේන හමුදාව විසින් පමණක් භාවිතා කරන ඒවා බවයි. සිකුරාදා (09) ක්‍රමටෝර්ස්ක් වෙතට රුසියාවේ සන්නද්ධ හමුදාව ප්‍රහාර එල්ල නොකළ බවද ඔවුහු පවසති.

යුක්රේන ජනාධිපති පැවසුවේ යුක්රේන හමුදා එම ප්‍රදේශයේ කිසිදු ස්ථානයක නොසිටි බවයි. “රුසියානු හමුදා වෙඩි තැබුවේ සාමාන්‍ය දුම්රිය ස්ථානයකට, සාමාන්‍ය මිනිසුන්ට, එහි සොල්දාදුවන් සිටියේ න‍ැහැ,” ඔහු අන්තර්ජාල සාකච්ඡාවකදී ෆින්ලන්ත පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට පැවසීය.

පසුගිය පෙබරවාරි 24 දින රුසියාව, යුක්රේනය ආක්‍රමණය කිරීමෙන් පසු මොස්කව් සිවිල් වැසියන් ඉලක්ක කිරීම ප්‍රතික්ෂේප කර ඇති අතර එය තම අසල්වැසියා නිර්මිලිටරිකරණය කිරීමට සහ “නිෂ්ප්‍රභා කිරීමට” සිදුකළ “විශේෂ හමුදා මෙහෙයුමක්” ලෙස රුසියාව හැඳින්වීය. 

Related articles

Recent articles

spot_img