spot_img
spot_imgspot_img

මුදල් ඇමති ධූරය අගමැති මහින්දට, නව කැබිනට් මණ්ඩලයේ වැඩි වෙනසක් නෑ

පුවත්

විදෙස්

 නව කැබිනට් මණ්ඩලය අද (08) හෝ හෙට (09) දිනයේ දිවුරුම් දීමට නියමිත බව ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචිමාර්ග සඳහන් කරයි.

මුදල් ඇමති ධූරයට යළිත් වතාවක් අගමැති මහින්ද රාජපක්ෂ ම පත්කිරීමට නියමිත අතර චමල් රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ, නාමල් රාජපක්ෂ සහ ශෂේන්ද්‍ර රාජපක්ෂ යන සිව්දෙනාට ඇමති ධූර හිමි නොවන බව ද වාර්තා වේ.

එමෙන්ම මහජන ආරක්ෂක අමාත්‍යවරයා ලෙස කටයුතු කළ සරත් වීරසේකරට එම අමාත්‍යාංශය නොලැබෙන බවත්, අනෙක් අමාත්‍යාංශ බොහොමයකට මීට පෙර හිටපු අමාත්‍යවරුම පත්වීමට නියමිත බවත් දැන ගන්නට ඇත.

වත්මන් ආණ්ඩුවේ නිල කාලය ආරම්භයේ දී මුදල් අමාත්‍ය ධූරය දරන ලද්දේ මහින්ද රාජපක්ෂ අගමැතිවරයා විසිනි. ඉන් පසු එම ධූරයට බැසිල් රාජපක්ෂ පත්කෙරුණු අතර අමාත්‍යවරු ඉල්ලා අස්වීමෙන් පසු අලි සබ්‍රි පත්කරන ලදී. නමුත් ඔහු ද පැය 24ක් ගතවීමට පෙර තනතුරින් ඉල්ලා අස්වූයේය.

මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා ලෙස සිටි කාලයේ දී ද මුදල් අමාත්‍යධූරය ඔහුගේ යටතේ තබාගන්නා ලද අතර රාජපක්ෂවරු බලයේ සිටි සමස්ත කාලයේ දී ම මුදල් අමාත්‍ය ධූරය රාජපක්ෂවරු යටතේ ම තබාගැනීම විශේෂත්වයකි.

අන්තර්වාර ආණ්ඩුවක් පිහිටුවීමට ජනාධිතිවරයා සිය අකමැත්ත ප්‍රකාශ කර ඇති අතර, පාර්ලිමේන්තුවේ සරල බහුතරය පෙන්වන අයකුට අගමැති ධූරය ලබාදීමට හැකියාව ඇතැයි පවසා තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!