spot_img
spot_imgspot_img

හමුදා මුර යෙදූ කන්ටේනරය ගැන වරාය අධිකාරිය කියන කතාව

පුවත්

විදෙස්

කොළඹ වරායේ සිට හමුදා ආරක්ෂාව යටතේ රටින් පිටකිරීමට සූදානම් කර ඇති කන්ටේනරයේ ඇත්තේ විකිරණශීලී ද්‍රව්‍ය තොගයක් යැයි ශ්‍රී ලංකා වරාය අධිකාරිය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි.

අද (05) කන්ටේනරය හමුදාවේ ආරක්ෂාව යටතේ පිටකරන බව පෙන්වමින් අපගේ rata.lk වෙබ් අඩවිය ඇතුළු වෙබ් අඩවි ගණනාවකින් සහ සමාජ මාධ්‍ය මගින් ප්‍රචාරය කෙරිණි.

ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති නියාමන සභාවේ අනුමැතිය පරිදි මෙම කන්ටේනරය පිටකරන බව ද එවැනි අවස්ථාවක දී විශේෂ කාර්ය බලකාය ස්ථානගත කිරීම සාමාන්‍ය දෙයක් බව ද එම නිවේදනය මගින් ශ්‍රී ලංකා වරාය අධිකාරිය පෙන්වා දෙයි.

වරාය අධිකාරිය පවසන්නේ එම කන්ටේනරයේ විනාශ කිරීම සඳහා නැවත අපනයන කරන විකිරණශීලී ද්‍රව්‍ය තොගයක් බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!