spot_img
spot_imgspot_img

අත්අඩංගුවට ගත්, ගාල්ලේ උද්ඝෝෂකයන්ට ඇප ලැබෙයි

පුවත්

විදෙස්

ගාල්ල නගරයේ දී ඊයේ (04) සිට මේ දක්වා පැවැති උද්ඝෝෂණ අතරතුර අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලද සැකකරුවන් 04 දෙනකුට ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් පවිත්‍රා සංජීවනී පතිරණ අද (05) ඇප ලබාදීමට කටයුතු කළාය.

ප්‍රධාන මාර්ගයේ කොන්ක්‍රීට් කණු දමමින් වාහන ධාවනයට අවහිර කිරීම යන චෝදනා එල්ල කරමින් ගාල්ල පොලිසියේ අපරාධ විමර්ශන අංශය විසින් ඔවුන් අද (05) අධිකරණයට ඉදිරිපත් කර තිබිණි.

පොලිස් පරීක්ෂක මහිලාල් කරුණු ඉදිරිපත් කරමින් කියා සිටියේ බීමත්ව, නීති විරෝධී රැස්වීමක සාමාජිකයන් ලෙස මහජනතාවට හිරිහැර වන ආකාරයට හැසුරුණු බවත්, සාමකාමී උද්ඝෝෂණයේ යෙදුණු අයට පොලිසිය කිසිම බාධාවක් නොකළ නමුත් මෙම සැකකරුවන් මහජනතාවට අවහිර බාධා සිදුවන අයුරුන් නීති විරෝධී රැස්වීමක සාමාජිකයන් ලෙස සිටි බවයි.

මේ සම්බන්ධ පරීක්ෂණ අවසන් නැති බවත් තවත් සැකකරුවන් විශාල පිරිසක් අත්අඩංගුවට ගැනීමට නියමිත බවත් පවසමින් ඔවුන් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස ද ඇප ලබාදීමට තරයේ විරුද්ධ බව ද පොලිසිය අධිකරණයට දන්වනු ලැබීය.

සැකකරුවන් වෙනුවෙන් නොමිලයේ ම පෙනී සිටි නීතිඥවරු විශාල පිරිසක් කරුණු ඉදිරිපත් කරමින් මෙම එක් එක් සැකකරුවන් සිදුකළ ඇති වැරදි සම්බන්ධව වෙන් වෙන්ව වාර්තා කර නොමැති බවත් මෙම සැකකරුවන්ගෙන් සිදුවූ බාධා අවහිර සම්බන්ධව කිසිදු කරුණක් ඉදිරිපත් කර නොමැති බවත් කියා සිටියේය. එමෙන් ම මෙම සැකකරුවන්, සාමකාමීව තම අදහස් ප්‍රකාශ කිරීමේ මූලික අයිතිවාසිකම ක්‍රියාත්මක කරන බවත් ඒ අනුව ඇප ලබාදෙන ලෙසත් නීතිඥවරු ඉල්ලා සිටියහ.

එහි දී ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය පොලිසියට දැනුම් දුන්නේ මෙම එක් එක් සැකකරුවන් සිදුකරන ලද වැරදි සම්බන්ධව වෙන් වෙන්ව කරුණු දක්වන ලෙසයි.

එසේ වුව ද පොලිසියට එම සැකකරුවන් වෙන් වෙන්ව කරන ලද වැරදි සම්බන්ධයෙන් කරුණු දැක්වීමට හැකියාවක් නොලැබිණි.

ඒ අනුව සියලු කරුණු සළකා බැලූ ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය මින් ඉදිරියට කිසිම ආකාරයක උද්ඝෝෂණයක දී මහජනතාවට රජයට හෝ පුද්ගලික දේපලකට හානි නොකරන ලෙසට තරයේ අවවාද කරන බවත්, එවැන්නක් කළහොත් ඇප අවලංගු කර රක්ෂිත බන්ධනාගාර පවසමින් එක් එක් සැකකරුවකු සඳහා රුපියල් ලක්ෂ 02ක් බැගින් ශරීර ඇප මත මුදා හැරීමට නියෝග කළාය.

මෙම සම්බන්ධ වැඩිදුර විභාගය ලබන ජූලි මස 05 වැනි දින යළි කැඳවීමට ද නියෝග කෙරිණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!