spot_img
spot_imgspot_img

අරවින්ද සහ සංගක්කාරත් ඉල්ලා අස්වෙති

පුවත්

විදෙස්

අරවින්ද සහ සංගක්කාර දෙදෙනා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ක්‍රිකට් කමිටු සාමාජිකත්වයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබේ. ඔවුන් පවසන්නේ මෙවැනි තීරණයක් ගත්තේ කමිටු සාමාජිකයන් වශයෙන් තමන් විසින් ඉදිරිපත් කරනු ලබන යෝජනා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ක්‍රියාත්මක නොකිරීම හේතුවෙන් බවයි.

මේ දක්වා ම ජාතික ක්‍රිකට් කණ්ඩායමට අදාළ පුහුණුකරුවන් පත්කරගැනීමට නොහැකිවීම ගැන අරවින්ද ද සිල්වා මෙන්ම කුමාර් සංගක්කාර ද සිටින්නේ පසුතැවීමෙනි.

“අපේ නිර්දේශ ක්‍රියාත්මක වන්නේ නැත්නම් අපි මෙතැනි ඉඳලා වැඩක් නෑ” අරවින් ද සහ සංගක්කාර දෙදෙනාම කියති.

මේ අතර හිටපු ක්‍රීඩා ඇමති නාමල් රාජපක්ෂ විසින් පත්කරන ලද ක්‍රිකට් උපදේශක මණ්ඩලයෙන් ද ඉල්ලා අස්වීමට අරවින්ද ද සිල්වා සහ කුමාර් සංගක්කාර පසුගිය 02 වැනි දා තීරණය කළේය.

ඒ සම්බන්ධ ඉල්ලා අස්වීමේ ලිපිය ඇඳිරිනීතිය හේතුවෙන් ක්‍රීඩා අමාත්‍යාංශයට භාර දීමට නොහැකි වූ බවත් දැන් ක්‍රීඩා අමාත්‍යවරයා ඉල්ලා අස්වීම හේතුවෙන් ඔහු පත්කරන ලද කමිටුව ද බල රහිත බැවින් එවැනි ලිපියක් භාරදීම අනවශ්‍යයැයි දෙදෙනාගේ ම මතය වී තිබේ.

මෙම කමිටුවට රොෂාන් මහානාම සහ මුත්තයියා මුරලිදරන් ද ඇතුළත්ව සිටි නමුත් රොෂාන් මහානාම පුද්ගලික හේතුවක් බව කියමින් ජනවාරි 21 වැනි දා එම කමිටුවෙන් ඉවත්ව ගියේය.

මේ අතර ජාතික ක්‍රීඩා සභාවේ සභාපති මහේල ජයවර්ධන ද twitter පණිවිඩයක් නිකුත් කරමින් කියා සිටින්නේ රටේ නායකයන් කෙරෙහි මහජන විශ්වාසය කඩ වී ඇති බැවින් රජය ඉල්ලා අස්විය යුතු බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!