-5.9 C
New York

ඥානක්කා‍ගේ නිවසට ගල් ප්‍රහාර. පොලිසියත්, හමුදාවත් ආරක්ෂාවට

Published:

අනුරාධපුරයේ පිහිටි ඥානක්කා නමැති සාස්තරකාරියක් යැයි කියාගන්නා තැනැත්තියකගේ නිවසක් ඊයේ (04) රාත්‍රී විරෝධතා කරුවන් විශාල පිරිසක් විසින් හදිසියේ ම වටලනු ලැබීය.

ඒ වනවිටත් එම නිවසේ ආරක්ෂාවට පොලිසියේ පිරිසක් යොදවා තිබිණි.

විරෝධතාකරුවන් හදිසියේ ම මෙම නිවසට කඩා වැදීමත් සමඟ ආරක්ෂාවට සිටි පොලිස් නිලධාරීන්ට විරෝධතා කරුනව් පාලනය කර ගැනීමට නොහැකිවීම හේතුවෙන් එම ස්ථානයට යුද හමුදාවත් කැඳවා තිබිණි.

විරෝධතා කරුවන් එම නිවසට ගල් ප්‍රහාරයක් ද එල්ල කරන ලද අතර පොලිසිය හා යුද හමුදාව විසින් නිවසට දැඩි ආරක්ෂාවක් සපයන ලදී.

Related articles

Recent articles

spot_img