spot_img
spot_imgspot_img

පාර්ලිමේන්තුවේ බල පෙරළියක් සිදුවෙයි

පුවත්

විදෙස්

පාර්ලිමේන්තුව හෙට (05) දිනයේ රැස් වූ විට බල පෙරළියක් සිදුවිය හැකියැයි දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරයි.

පසුගිය මහ මැතිවරණයෙන් පසු 2/3ක බහුතරයක් සහිත ශක්තිමත් ආණ්ඩුවක් පිහිටුවා තිබුණ ද හෙට දිනයේ දී ඇතැම් විට ගෝඨාභය රාජපක්ෂ සහ මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ ආණ්ඩුවට පාර්ලිමේන්තුවේ බහුතර බලය පවා අහිමිවීමේ අවදානමක් හටගෙන තිබේ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හවුල්කාර පක්ෂ වල මන්ත්‍රීවරු 16 දෙනාත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරු 14 දෙනාත් මේ වනවිටත් ස්වාධීන කණ්ඩායම් ලෙස වෙනම අසුන් ගැනීමට තීරණය කර තිබේ.

විමල් වීරවංශ හා උදය ගම්මම්පිල මන්ත්‍රීවරු දෙදෙනා පවසන්නේ පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරු පිරිසක් ද ස්වාධීන වීමට නියමිත බවයි. ඒ අනුව හෙට පාර්ලිමේන්තුව රැස්වූ විට මෙතෙක් ආණ්ඩුවට හිමිව තිබූ 2/3ක බලය අහිමි වී යනු ඇත. කෙසේ වෙතත් රජයෙන් ඉවත් වූ විමල් වීරවංශ සහ උදය ගම්මම්පිල දෙදෙනා ඇතුළු කණ්ඩායමක් මන්ත්‍රීවරු ආණ්ඩුවෙන් ඉවත්කර නව රජයක් පිහිටුවීමට පොළඹවාගැනීමේ සැළැස්මක් ක්‍රියාත්මක කරන බව ද වාර්තා වෙයි.

මේ අතර ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා කියා සිටියේ පාර්ලිමේන්තුවේ බහුතර විශ්වාසය දිනාගත හැකි අයකුට ආණ්ඩුව කරගෙන යාමට භාර දෙන බවයි.

අන්තර්වාර ආණ්ඩුවක් පිහිටුවීම පිළිබඳ ද මේ වනවිට සාකච්ඡා කෙරෙමින් පවතින අතර හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසන්නේ එවැනි අන්තර්වාර රජයක් පිහිටුවන්නේ නම් 20 වැනි ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කළ යුතු බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!