-4.8 C
New York

“මැති සබේ බහුතරය පෙන්වන අයකුට ආණ්ඩුව දෙනවා” – ජනපති

Published:

පාර්ලිමේන්තුවේ බහුතර මන්ත්‍රී බලය පෙන්විය හැකි ඕනෑම අයකුට ආණ්ඩුවක් පිහිටුවීමට අවස්ථාව ලබාදෙන බව ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා අද (04) ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරු අමතමින් කියා සිටියේය.

රට අස්ථාවර වීම වැළැක්වීමට තමාට අවශ්‍ය බවත් ජනාධිපති මන්දිරයේ පැවැති මෙම සාකච්ඡාවේ දී ජනාධිපතිවරයා විසින් ප්‍රකාශ කර තිබේ.

එහි දී අදහස් දැක්වූ ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරු පෙන්වා දී ඇත්තේ ජනතාවගේ  මූලික ප්‍රශ්නවලට විසඳුම් ලබාදීමට කඩිනම් පියවර ගත යුතු බවයි. එවැනි විසඳුම් නොමැතිවීම හේතුවෙන් ජනතාවගේ වෛරය ආණ්ඩුව දෙසට එල්ල වී ඇතැයි ද ඔවුහු පෙන්වා දුන්හ.

පොහොර ප්‍රශ්නය මේ අර්බුදයේ ආරම්භය බව ද මන්ත්‍රීවරු බහුතරයකගේ අදහස වී තිබිණි.

මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍යවරයා එහි දී කියා ඇත්තේ කැබිනට් මණ්ඩලය දැන් ඉවත්වී ඇති බැවින් පාර්ලිමේන්තුව නියෝජනය කරන අනෙකුත් පක්ෂ සමඟ ද සාකච්ඡා කර නව කැබිනට් මණ්ඩලයක් පත්කිරීමට ජනාධිපතිවරයා උත්සාහ කරන බවයි.

Related articles

Recent articles

spot_img