-2.1 C
New York

“අපි නැවත කිසිදා ශ්‍රී ලංකාවට එන්නේ නෑ. මේ රට විනාශ කරලා” – ගාල්ලේ උද්ඝෝෂණයට එක් වූ විදේශිකයෝ කියති

Published:

“අපි නැවත කිසි දා ශ්‍රී ලංකාවට එන්නේ නෑ” යැයි අද (04) උදෑසන ගාල්ලේ පැවැති උද්ඝෝෂණයට ශ්‍රී ලාංකීය ජනතාව සමඟ එකවූ විදේශීය යුවළක් කියා සිටියහ.

චෙක් රාජ්‍යයේ සිට ශ්‍රී ලංකාවට පැමිණි ඔවුන් දෙදෙනා මේ දිනවල ගාල්ල කොටුවේ නතරව සිටිති. ඔවුන් ශ්‍රී ලංකාවට පැමිණ ඇත්තේ දෙවැනි වතාවටය. ඔවුන් පවසන්නේ ඉතාමත් සුන්දර රටක් වූ ශ්‍රී ලංකාව වැරදි දේශපාලන තීන්දු නිසා ජීවත්වීමට අපහසු දේශයක් බවට පත්ව ඇති බවයි.

ඔවුහු වැඩිදුරටත් මෙසේ ද කීහ.

“ශ්‍රී ලංකාව හරිම ලස්සනයි. පාරාදීසයක් වගේ. අපි මීට පෙර වතාවක් ශ්‍රී ලංකාවට ආවා. මේ ආවේ දෙවැනි වතාවට. අපි මේ රටට කැමතියි. ආදරෙයි. ඒත් දැන් මේ රට විනාශ වෙලා. අපිට අහන්න දකින්න ලැබෙන්නේ නරක දේවල්. විදුලිය නෑ. ගෑස් නෑ, පෙට්‍රල් නෑ. කෑම මිල වැඩියි. හැමතැන ම පෝළිං. රට විනාශ කරලා. අපි නැවත කවදාවත් මේ රටට එන්නේ නෑ. අපිට හිතුණා මේ දුක්විදින ශ්‍රී ලාංකීය ජනතාවට අපිටත් පුළුවන් විදියට උදව් කරන්න ඕන කියලා. ඒ නිසා අපි අද එයාලගේ උද්ඝෝෂණයට එකතු වුණා. එයාලා ගෙනවිත් තිබුණු විරෝධතා පුවරුත් අපි උස්සාගෙන හිටියා.”

Related articles

Recent articles

spot_img