spot_img
spot_imgspot_img

ගාල්ලේ යළිත් උද්ඝෝෂණ. විකල්ප මාර්ග භාවිතා කරන්න යැයි පොලිසිය කියයි

පුවත්

විදෙස්

ගාල්ල නගරයට අද (04) සවස යළි අති විශාල පිරිසක් එක්ව උද්ඝෝෂණයක් පැවැත්වෙයි. ගාල්ල බස් නැවතුම සහ දුම්රිය ස්ථානය අසළ පැවැවෙන මෙම උද්ඝෝෂණය සංවිධානය කරන ලද්දේ විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් විසිනි.

නමුත් ඒ සඳහා මේ වනවිට වෙනත් පිරිස් ද විශාල වශයෙන් එක්ව තිබීම විශේෂත්වයකි. රජයට විරෝධය දක්වමින් පැවැත්වෙන මේ උද්ඝෝෂණය අතරතුර කිසියම් අයකු මාර්ගයේ ඇති විදුලි පහන් කණුවකට නැග විරෝධතාවය දැක්වීමට උත්සාහ ගත්ත ද අනෙක් අය ඔහුට වහාම බිමට බසින්නයැයි කෑ ගසමින් කීහ.

නමුත් එය ඔහු පිළිනොගන්නා විට තවත් අයකු එම කණුවට නැග ඔහුට කරුණු පහදා දී කණුවෙන් බිමට ගැනීමට කටයුතු කළේය.

මේ වනවිට කතරගම කොළඹ ප්‍රධාන මාර්ගය අවහිර වී ඇති අතර පොලිසිය ගාල්ල හරහා යන වාහනවලට විකල්ප මාර්ග ලබා දී තිබේ. ඉඳ හිට උද්ඝෝෂණය දෙසට පැමිණෙන වාහනවලට පාරේ ඉඩ ලබා දී ගමන් කිරීමට අවස්ථාව ලබා දෙන ආකාරය ද දක්නට ලැබෙයි.

අද උදෑසන ද ගාල්ල බස්නැවතුම අසළ උද්ඝෝෂණයක් පැවැති අතර එයට 2,000ක පමණ පිරිසක් සහභාගී වී සිටියහ. මෙම උද්ඝෝෂණයට ද එවැනිම පිරිසක් සහභාගී වී සිටිති.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!