-4.8 C
New York

රමේෂ් පතිරණගේ නිවස ඉදිරිපිට උද්ඝෝෂණ

Published:

හිටපු අමාත්‍ය කැබිනට් ප්‍රකාශක රමේෂ් පතිරණගේ නිවස ඉදිරිපිට අද (04) දහවල් උද්ඝෝෂණයක් පැවැත්විණි. 300ක පමණ පිරිසක් පැමිණ එම නිවස ඉදිරිපිට රජයට එරෙහිව සටන් පාඨ කියමින් පැයකට වැඩි කාලයක් රැඳී සිටියහ.

ගාල්ල කිතුලම්පිටියේ පිහිටි එම නිවස හිටපු අමාත්‍ය දිවංගත රිචඩ් පතිරණ විසින් ගොඩනැගූවකි. රමේෂ් පතිරණ මන්ත්‍රීවරයා එහි වාසය කරයි. නිවසේ ගේට්ටු වසා දමා තිබූ අතර කිසිම පුද්ගලයකු නිවසේ සිටින බවක් පෙනෙන්නට තිබුණේ නැත.

උද්ඝෝෂකයෝ සටන් පාඨ සහිත පුවරු ගේට්ටුවේ එල්ලා එම ස්ථානයෙන් නික්ම ගියහ.

Related articles

Recent articles

spot_img