1.1 C
New York

ගාල්ල නගරයේ පාර වසා දැවැන්ත උද්ඝෝෂණයක්

Published:

ගාල්ල බස් නැවතුම්පොළ ඉදිරිපිට අද (04) රැස් වූ අති විශාල ජනකායක් රජයට එරෙහිව පැය කිහිපයක උද්ඝෝෂණයක නිරතවූහ.

මෙම උද්ඝෝෂණය නිසා කොළඹ කතරගම ප්‍රධාන මාර්ගය ද ගාල්ල නගරයෙන් වැසී තිබිණි. පොලිසිය රථ වාහන වෙනත් විකල්ප මාර්ග ඔස්සේ හරවා යැවීමට කටයුතු කළේය.

Gota Go Home යනුවෙන් කියමින් උද්ඝෝෂණයේ යෙදුණු මෙම පිරිස අතරට විවිධ ආගමික නායකයන්, නීතිඥවරු, ගුරුවරු, සෞඛ්‍ය සේවකයන් ඇතුළු වෘත්තිකයෝ විශාල පිරිසක් ද එක්ව සිටීම කැපී පෙණිනි.

Related articles

Recent articles

spot_img