-4.8 C
New York

ඇමති මණ්ඩලය ඉල්ලා අස්වීම ඇස්බැන්දුමක් ?

Published:

අමාත්‍ය මණ්ඩලයේ සියලු ම දෙනා ඊයේ (03) රාත්‍රී ඉල්ලා අස්වූ බව පැවසුව ද එය නීතියට පටහැනි ක්‍රියාවක් බව ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති ජනාධිපති නීතිඥ සාලිය පීරිස් පවසයි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 47 (2) වගන්තියේ අමාත්‍ය මණ්ඩලය ඉවත්වීම පිළිබඳ පැහැදිලිව දැක්වේ. එහි සඳන් ආකාරයට අමාත්‍යවරුන් ඉල්ලා අස්වන්නේ නම් ස්වකීය අත්සන යටතේ ජනාධිපතිවරයා වෙත යවන ලිපියක් මගින් ස්වකීය ධූරයෙන් ඉවත්විය යුතුය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් ආකාරය මෙහි දක්වා ඇත.

එසේ වුව ද අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන ඊයේ කියා සිටියේ සියලු අමාත්‍යවරු තම ඉල්ලා අස්වීමේ ලිපි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ වෙත භාරදුන් බවයි. ජනාධිපති නීතිඥ සාලිය පීරිස් පවසන්නේ අමාත්‍යවරු සිය ඉල්ලා අස්වීමේ ලිපි භාර දී ඇත්තේ අග්‍රාමාත්‍යවරයාට නම් එය කිසිසේත්ම ඉල්ලා අස්වීමක් නොවන බවයි. එය අනීතික බව ද හෙතෙම පෙන්වා දෙයි.

එය භාර දිය යුත්තේ ජනාධිපතිවරයාට බවත්, එබැවින් මේ වනවිට ආණ්ඩුව තුළ සිුදවන ක්‍රියාවලිය පිළිබඳ ජනතාවට පැහැදිලි කිරීම ජනාධිපතිවරයාගේ, අගමැතිවරයාගේ සහ අමාත්‍ය මණ්ඩලයේ ම වගකීමක් බව ද ඔහු කියා සිටියි.

රටේ පවතින අර්බුදකාරී තත්වය හේතුවෙන් මෙවැනි දේශපාලනික අවිනිශ්චිතභාවයකින් දින කිහිපයක් හෝ කල් ගත කිරීම අර්බුද තවත් වැඩිවීමට හේතුවක් බව ද සාලිය පීරිස් පෙන්වා දෙයි.

Related articles

Recent articles

spot_img