රාජ්‍යය යම් අවස්ථාවක අර්බුදයකට මුහුණ ද ඇති අවස්ථාවක දී එම තත්වය කළමනාකරණය කිරීම සඳහා රටේ සියලු දේශපාලන කණ්ඩායම් එකට එක්වී කෙටි කාලයක් සඳහා රාජ්‍ය බලය ක්‍රියාවට නැංවීම පිණිස තාවකාලිකව පිහිටුවා ගන්නා ආණ්ඩුවක් අන්තර්වාර ආණ්ඩුවක් ලෙස හැඳින්වෙයි.
සියලුම දේශපාලන කණ්ඩායම් යැයි කී විට එයට ඇතුළත් වන්නේ පාර්ලිමේන්තුව නියෝජනය කරන දේශපාලන පක්ෂ හා කණ්ඩායම් පමණක් නොවේ. පාර්ලිමේන්තුවේ නියෝජනයක් නැති දේශපාලන පක්ෂ හා කණ්ඩායම් ද එහි කොටස්කරුවන් ය.
මෙවැනි අන්තර්වාර ආණ්ඩුවක් පිහිටුවීමට හේතුවෙන්නේ, රටේ ඇති ඇති අර්බුදය දේශපාලනික අර්බුදයක්නම් එවැනි ආණ්ඩුවක් පිහිටුවීමෙන් ඒ අර්බුදය විසඳාගත හැකිවනු ඇත.
නමුත් අර්බුදය ආර්ථික අර්බුදයක් නම් එය විසඳීම සඳහා දේශපාලන බලය සමඟම ආර්ථික දැනුම, දර්ශනය හා නිවැරදි යෝජනා ක්‍රමවේදයක් එක්තැන් කිරීම ද අවශ්‍ය වේ. මේ සඳහා තමන් සතුව ඇති දේශපාලන බලය යම් පමණකින් අතහැරීමට ඒ වනවිට දේශපාලන බලය දරාගෙන සිටින පක්ෂවලට හෝ කණ්ඩායම්වලට සිදුවෙයි.
නැතිනම් මෙය අන්තර්වාර ආණ්ඩු උගුලක් බවට පත්වනු ඇත.
විමල් වීරවංශ යෝජනා කරන අන්තර්වාර ආණ්ඩුව එම ක්‍රමවේදයට අනුව ගොඩනැගිය හැකි ද යන්න ගැටලුවකි.
නැතිනම් විමල් වීරවංශ කරන්නේ ආණ්ඩු විරෝධී බලවේග සමනය කරමින් රාජපක්ෂවරුන් ප්‍රධාන ආණ්ඩුවට නැවත දේශපාලන ස්ථාවරත්යක් ලබාදීම සඳහා සැළසුම් කර ඇති උගුලක් ඇටවීමයි.
අන්තර්වාර ආණ්ඩුවක් පිහිටුවන්නේ නම් එම ආණ්ඩුවේ වාරය ආරම්භ වන්නේ කොතැනින් ද ? අවසන් වන්නේ කොතැනින් ද ? යන්න පිළිබඳ පැහැදිලි සහ සෘජු තීරණයක් තිබිය යුතුයි. නැතිව පිහිටුවන අන්තර්වාර ආණ්ඩුවක් ජනතාව බලාපොරොත්තුවන අපේක්ෂාවන් ඉටු නොකරනු ඇත. එය බලය ආරක්ෂා කිරීමේ උගුලක්ම පමණක් වනු ඇත.
එබැවින් අන්තර්වාර ආණ්ඩු උගුලකට හසු නොවීමට බුද්ධිමත් දේශපාලනඥයන් වගබලාගත යුතුය. එමෙන් ම ජනතාව ද මේ ගැන අවබෝධ කරගත යුතුය.
දේශපාලන විද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය එම්.ඒ.ඕ. ද සිල්වා