spot_img
spot_imgspot_img

අගමැති ඉල්ලා අස් වූ කතාව බොරුවක්. එවැනි සූදානමක් ද නෑ

පුවත්

විදෙස්

අගමැති මහින්ද රාජපක්ෂ සිය ධූරයෙන් ඉල්ලා අස්වී ඇතැයි පැතිරයන පුවත්වල කිසිදු සත්‍යතාවක් නැතැයි ද එවැනි සැළැස්මක් හෝ නැතැයි ද අග්‍රාමාත්‍ය ලේකම් කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් සියලු මාධ්‍යවෙත අද (03) රාත්‍රී දැනුම් දී තිබේ.

අග්‍රාමාත්‍ය මාධ්‍ය ලේකම් රොහාන් වැලිවිට විසින් ඒ සම්බන්ධයෙන් වූ මාධ්‍ය නිවේදනය නිකුත් කර ඇත.

මේ අතර ජනාධිපතිවරයා සහ අගමැතිවරයා අතර විශේෂ හමුවක් අද පැවැති අතර එහි දී වැදගත් තීන්දු තීරණ කිහිපයක් ම ගත් බව ද වාර්තා වේ.

මේ වනවිට සර්වපාක්ෂික නියෝජනයක් සහිත භාරකාර රජයක් පිහිටුවීම කෙරෙහි ආණ්ඩුව අභ්‍යන්තරයේ ද කතිකාවක් ඇති වී තිබේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ද එළැඹෙන සතිය ඇතුළත භාරකාර රජයක් පිහිටුවන්නේ නැත්නම් ආණ්ඩුවට සහය දීමෙන් ඉවත්ව ස්වාධීන කණ්ඩායමක් ලෙස පාර්ලිමේන්තුව තුළ කටයතු කරන බව ලිඛිතව දැනුම් දී තිබිණි.

හිටපු අමාත්‍ය විමල් වීරවංශ ද අද නිවේදනය කළේ තමන් ජනාධිපතිවරයාත්, අගමැතිවරයාත් හමුවී සර්වපාක්ෂික රජයක් පිහිටුවීමේ යෝජනාව ඉදිරිපත් කළ බවයි. එම යෝජනාවට නායකයන් දෙදෙනාම කැමැත්ත ප්‍රකාශ කළ බව ද වීරවංශ මන්ත්‍රීවරයා මාධ්‍ය සාකච්ඡාවක දී කීවේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!