spot_img
spot_imgspot_img

“ජනතා අයිතිවාසිකම් මර්ධනය වහාම නතර කරන්න” – තරුණ ජනමාධ්‍යවේදීන් ඉල්ලයි

පුවත්

විදෙස්

ජනතාවගේ අයිතිවාසිකම් මර්ධනය කිරීමේ රජයේ වැඩපිළිවෙල වහාම නතරකරන ලෙස ශ්‍රී ලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවෙන් ඉල්ලා සිටියි.

හදිසි අවස්ථාක් ප්‍රකාශයට පත්කළ ගැසට් නිවේදනය ඉවත්කර ගන්නා ලෙසත්, ජනතා අයිතිවාසිකම් මර්ධනය නතර කරන ලෙසත් ‍එම සංගමය මානව හිමිකම් කොමිෂන් සභාවෙි සභාපතිනී විනිසුරු (විශ්‍රාමික) රෝහිණී මාරසිංහ වෙත ලිපියක් යොමු කරමින් ඉල්ලා ඇත.

එම ලිපියේ මෙසේ ද සඳහන් කර ඇත.

“ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව 03 වැනි ව්‍යවස්ථාව අනුව පාලන බලතල ඇතුළු ශ්‍රී ලංකා ජනරජයේ පරිමාධිපත්‍ය ජනතාව සතු වන අතර එය අත්හළ නොහැක්කේය. 04 වැනි ව්‍යවස්ථාව අනුව රටේ ආරක්ෂාව ඇතුළු ජනතාව‌ගේ විධායක බලය ජනතාව විසින් තෝරා පත් කර ගනු ලබන ජනාධිපති වරයා විසින් ක්‍රියාත්මක කළ යුතුය. එනම් ජනාධිපතිට පවරා ඇත්තේ මහජනයා සතු පරමාධිපත්‍ය බලය වන බැවින් ජනාධිපතිවරයා සෑම අවස්ථාවන්හිදීම මහජනතාවට වගවිය යුතුය.

ජනතාව සතු පරමාධිපත්‍ය බලය ක්‍රියාවට නංවන ජනාධිපතිවරයාගේ ක්‍රියාකලාපය   ප්‍රශ්න කිරීමට මෙන්ම වැරදි ක්‍රියාකලාප විවේචනය කිරීමටත්, සමකාමීව විරෝධය පළ කිරීමටත් මහජනතාවට අයිතියක් ඇති අතර එය නතර කිරීමට ගන්නා සෑම උත්සාහයක්ම ජනතා පරමාධිපත්‍යට කරන බලපෑමක් බව ශ්‍රී ලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ විශ්වාසයයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!