spot_img
spot_imgspot_img

#GoHomeGota හැදූ අනුරුද්ධ බණ්ඩාර ගැන, ඔබ නොදත් අපූරු තොරතුරු

පුවත්

විදෙස්

ඔහු මහනුවර කිංස්වුඩ් විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙක් සේම කොළඹ විශ්ව විද්‍යාලයේ ආදී විද්‍යාර්ථියෙක් බව හා #GotaGoHome2022 පේජයේ ඇඩ්මින්වරයා බවද අප දන්නා කාරණයක්. 

අනුරුද්ධ යනු මධ්‍යම පලාත් හිටපු ප්‍රධාන ලේකම් සරත් ප්‍රේමවංශ මහතාගේ පුත්‍රයා. මෙතැන් සිට මා ලියන්නේ සරත් ප්‍රේමවංශ නම් වූ ඒ උත්තුංග රාජ්‍ය නිලධාරියා ගැනයි.

සරත් ප්‍රේමවංශ යනු සිය පරිපාලන ජීවිතයේදී ක්‍රියාවෙන් හෝ වචනයෙන් හෝ කිසිකෙනෙකු නොපෙලූ රාජ්‍ය නිලධාරියෙක්. එපමණක් නොව සිය නිලබලය තමන්ගේ පෞද්ගලික සුඛවිහරණ මෙවලමක් ලෙස භාවිතා නොකල කෙනෙක්. ඔහුගේ දියණිය මහනුවර කීර්තිමත් පාසැලකට යැවීමට නිලබලය භාවිතා කර හැකියාව තිබුණද ගම්පොල සිය නිවසට කිට්ටු ප්‍රධාන පාසැලක් වන ජිනරාජ බාලිකාවට අධ්‍යාපනය සඳහා යොමුකළ කෙනෙක්. ඒ දියණිය ද පරිපාලන ක්ෂේත්‍රයේ නිලධාරිනියක් වුවද දුෂ්කර ප්‍රදේශයක සේවය කරන්නට යොමු කර සිය නිලබලය යොදා පහසු ප්‍රදේශයකට ස්ථාන මාරුවක් ලබා නොදුන් කෙනෙක්. ඇය පහසු තැනකට ස්ථාන මාරුවක් ලබා ගන්නේ සිය පියා විශ්‍රාම ගිය පසුවයි. කිසිම දවසක සිය සිවිල් බලය අනීතිකව භාවිතා නොකල  කෙනෙක් ලෙස ඔහු සුප්‍රසිද්ධ චරිතයක්. 

මොහොතකට කලින් මා අනුරුද්ධ බේරාගැනීමේ නියුතුව සිටි නීතිඥ කණ්ඩායමේ මා සන්මිත්‍ර නීතිඥ සහෝදරයෙකුට කතා කලා අනුරුද්ධ ගේ පියා ගැන විස්තර දැන ගන්න. ඔහු කී දෙයින් මා විශ්මයට පත්වුණා. “මේ මනුස්සයා නිකමටවත් කිව්වේ නෑනේ ඔය වෘත්තීය පසුබිම”

මිතුරනි, අනුරුද්ධ තනිව නුවර වැව රවුමේ පිකට් බෝඩ් එකක් ඔසවාගෙන සිටිමින් ඇරඹි #GotaGoHome2022 ව්‍යාපාරයේ ඔහුට එන්නත්වූ ශක්තිය පිළිබඳ මට කුකුසක් නැත.

මේ සටහන ලියන මොහොතේ ගෙදර රේඩියෝවේ ගායක ටී. එම්. ජයරත්න මෙසේ කියනවා.

“මවකට මුවා වී නුඹ වෙත දිරිදුන්නේ

මම වෙමි පුතුනි, එය මා පමණයි දන්නේ.”

© කපිල එම්. ගමගේ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!