spot_img
spot_imgspot_img

සමාජ මාධ්‍ය තහනමට ඇමති නාමල් සහ සජිත් විරුද්ධ වෙති

පුවත්

විදෙස්

ශ්‍රී ලංකාව තුළ සමාජ මාධ්‍ය තහනම් කිරීම නැවත සළකා බලන ලෙසට තමන් රජයෙන් ඉල්ලා සිටින බව අමාත්‍ය නාමල් රාජපක්ෂ ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් කියා සිටියි.

තමන් දැනටමත් VPN බාවිතා කරන බවත්, අන් අය ද එලෙස භාවිතා කරන බැවින් මෙය නිෂ්ඵල තහනමක් බවත් එලෙස සමාජ මාධ්‍ය තහනම් කිරීම තමන් කිසිසේත්ම අනුමත නොකරන බවත් අමාත්‍ය නාමල් රාජපක්ෂ පවසයි.

මේ අතර විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ද සමාජ මාධ්‍ය තහනම හේතුවෙන් රජය කෙරෙහි ඇති කෝපය සහ පිළිකුල තවත් වර්ධනය වන බවත් පවසයි.

ශ්‍රී ලංකාව තුළ සමාජ මාධ්‍යවලට පිවසීම අවහිර කළ බව අද (03) විදුලි සංදේශ නියාමන කොමිසම තහවුරු කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!