spot_img
spot_imgspot_img

#GoHomeGota නිර්මාණය කළ තරුණයාට ඇප. පැතුම් කර්නර් ප්‍රධාන සැකකරු යැයි පොලිසිය කියයි

පුවත්

විදෙස්

පොලිසිය විසින් අත්අඩංගුවට ගන්නා ලද අනුරුද්ධ බණ්ඩාර නමැති සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයාට අද (03) අලුයම ඇප ලබා දීමට මෝදර මහේස්ත්‍රාත් කටයුතු කළේය.

ඒ අනුව ඔහු රුපියල් 500,000.00ක ශරීර ඇප මත මුදාහරින ලදී.

පොලිසිය අධිකරණයට ඉදිරිපත් කරන ලද බී වාර්තාවෙන් දක්වා තිබුණේ අනුරුද්ධ බණ්ඩාර ෆේස්බුක් සමාජ මාධ්‍ය ඔස්සේ #GoHomeGota2022 නමැති හෑෂ් ටැග් එකක් නිර්මාණය කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට, ශ්‍රී ලාංකීය ජන සමාජය තුළ විරුද්ධත්වයක්, වෛරයක්, අගෞරවයක් ඇතිකිරීමට ශ්‍රී ලාංකිකයන් උනන්දුකර ඇති බවයි.

ඒ අනුව ඔහු දණ්ඩනීති සංග්‍රහයේ 120 වගන්තිය යටතේ වරදක් කර ඇති බව ද දක්වා තිබිණි.

මීට අමතරව මෙම කරුණ සම්බන්ධයෙන් ප්‍රධාන සැකකරු එංගලන්තයේ වෙසෙන ශ්‍රී ලාංකිකයකු වන පැතුම් කර්නර් නැමැත්තා බවත් තවත් පුද්ගලයන් මේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමට නියමිත බවත් ‍පොලිසිය අධිකරණයට කරුණු දක්වමින් කියා සිටියේය.

අලුයම 1.30ට පමණ මහේස්ත්‍රාත්වරයා හමුවට අනුරුද්ධ බණ්ඩාර ඉදිරිපත් කරන ලද අවස්ථාවේ දී නීතිඥවරු 60ක පිරිසක් ඔහු වෙනුවෙන් පෙනී සිටි අතර ඔවුන්ගේ ඇප ඉල්ලීම් සළකා බැලීම ද සිදුකෙරිණි.

නීතිඥවරු එහි දී කියා සිටියේ ශ්‍රි ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 14 වැනි වගන්තිය අනුව ඔහුට අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස ඇති බවයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් කරුණක් හේතුවෙන් ලැබෙන නෛතික හිමිකමක් දණ්ඩනීති සංග්‍රහය මගින් සීමා කළ නොහැකි බව ද නීතිඥවරු පෙන්වා දුන්හ.

මෙම කරුණු සළකා බැලූ මහේස්ත්‍රාත්වරයා සැකකරුට ඇප ලබාදීමට කටයුතු කළේය.

පොලිස් නිලධාරීන් කරනු ලබන සියලුම පරීක්ෂණවලට නීතිඥවරුන්ගේ  පූර්ණ සහයෝගය ලබාදෙන බවත්, ඕනෑම අපරාධමමය වරදක් සඳහා සැකකරුවකු අත්අඩඩංගුවට ගැනීමේ නෛතික පටිපාටිය පිළිබඳ නීතිඥවරු දැඩි අවධානයෙන් සිටින බවත් පවසති.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!