-4.8 C
New York

“සාමකාමී අරගලයට බිය වෙන්න එපා. අපේ සහය ඔබටයි” ගාල්ලේ නීතිඥවරු ජනතාවට කියති

Published:

සාමකාමී ජනතා අරගලවලට බිය නොවන ලෙසත්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 14 වැනි වගන්තියේ සඳහන්කර ඇති සමාකාමීව රැස්වීමේ අයිතිය උල්ලංඝනය කරමින් කටයුතු කිරීමට හදිසි නීතිය තිබුණ ද කිසිම බල අධිකාරියකට නොහැකි බවත් ගාල්ලේ නීතිඥවරු කියති.

ඔවුන් පවසන්නේ අප්‍රේල් මස 03 (ඉරිදා) ගාල්ල නගරයේ දී පැවැත්වීමට නියමිත සාමකාමී ජනතා අරගලයට සහභාගීවන යම් පුද්ගලයකු කිසියම් ආකාරයකින් පොලිසිය විසින් අත්අඩංගුවට ගතහොත් හෝ පහරදීමක් කළහොත් නොමිලයේ නීති ආධාර ලබාදීමට ගාල්ල, බලපිටිය, ඇල්පිටිය, බද්දේගම සහ උඩුගම මහේස්ත්‍රාත් අධිකරණ ඉදිරියේ එම පුද්ගලයන් වෙනුවෙන් පෙනී සිටීමට තීරණය කර ඇති බවත් නීතිඥවරු පවසයි.

මේ සඳහා අවශ්‍ය දැනුම් දීම් සඳහා පහත සඳහන් දුරකථන අංක ද ලබා දී ඇත.

0777745677

0753108000

0770685368

බලපිටිය

උපාලි 0718096917

ඇල්පිටිය

කොග්ගලහේවගේ 0777910592

බද්දේගම / උඩුගම

තුසිත 071766004

රුක්මන් 0774251480

Related articles

Recent articles

spot_img