-2.1 C
New York

GoHomeGota සමූහයේ Admin අතුරුදන්. පොලිස‍ියෙන් රැගෙන ගියත් පොලිසිවල නෑ

Published:

Go Home Gota නමැති සමූහයේ Admin වරයකු ලෙස කටයුතු කළ අනුරුද්ධ බණ්ඩාර නම් තරුණයා පොලිසියෙන් යැයි කියාගත් පිරිසක් විසින් ඊයේ (01) රාත්‍රී රැගෙන ගොස් ඇති අතර ඔහු මේ වනවිට අතුරුදන්ව ඇත.

මාධ්‍යවේදීන් ඇතුළු සිවිල් ක්‍රියාකාරිකයන් විසින් ඔහු පිළිබඳ කරන ලද සොයා බැලීම්වල දී මෙතෙක් ඔහු සිටින ස්ථානයක් පිළිබඳ අනාවරණය වී නැත.

අතුරුදන්වූ තරුණයාගේ පියා පවසන්නේ මෝදර පොලිසියේ අපරාධ විමර්ශන අංශයෙන් බව කියාගත් කණ්ඩායමක් පැමිණ “වැඩකට අරන් යනවා” යැයි කියමින් ඊයේ රාත්‍රී 12.00 ට පමණ තම පුතු කැටුව ගිය බවයි.

නමුත් එම තරුණා මේ වනවිට මෝදර පොලිිසියේ හෝ අපරාධ විමර්ශන අංශයේ හෝ නැත. නීතිඥවරුන් ද ගොස් ඔහු පිළිබඳ සොයා බැලුව ද කිසිම ස්ථානයක මෙම තරුණයා නොමැති අතර මෝදර පොලිස් ස්ථානාධිපති පවසා ඇත්තේ එවැනි පුද්ගලයකු මෝදර පොලිසියට රැගෙනවිත් නැති බවයි. මේ පිළිබඳ මාධ්‍ය සංවිධාන පොලිස් මාධ්‍ය ප්‍රකාශකට දැනුම් දීමට උත්සාහ ගනිමින් සිටින අතර විපක්ෂයේ දේශපාලන පක්ෂ නායකයන්ට ද ‍තරුණයාගේ අතුරුදන්වීම සම්බන්ධයෙන් වට්ස්ඇප් මගින් දැනුම් දී තිබේ.

මීට අමතරව ශ්‍රී ලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය විසින් මානව හිමිකම් කොමිසමේ සභාපති වෙත ද ලිඛිත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

Related articles

Recent articles

spot_img