මිරිහානේ දී ඊයේ (31) රාත්‍රී පැවැති විරෝධතාවය අතරතුර බස් රථයකට හා වාහනවලට හානිකළ බවට චෝදනා කරමින් කාන්තාවක් ඇතුළු 45 දෙනකු අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.
පොලිසිය පවසන්නේ මේ විරෝධතාව අතර යුද හමුදා බස් රථයකට, ජීප් රථයකට, ත්‍රී රෝද රථ කිිහපයකට හා යතුරු පැදි කිහිපයකට ගිනි තබා ඇති බවයි.
මේ දක්වාම නුගේගොඩ මහරගම පාර (119 බස් මාර්ගය) ඇඹුල්දෙණිය හන්දියෙන් වසා දමා ඇති අතර එහි ඇතුළුවීමට හැකියාව ඇත්තේ පාසල් වෑන් රථවලට පමණි.
මෙම විරෝධතාව අතරතුර පුද්ගලයන් 10 දෙනකු පමණ තුවාල ලබා ඇති අතර සහකාර පොලිස් අධිකාරීවරයකු ඇතුළු පොලිස් නිලධාරීන් 05 දෙනකු ද ඒ අතර සිටින බව රෝහල් ආරංචිමාර්ග සඳහන් කරයි.

