මිරිහානේ දී ඊයේ (31) රාත්‍රී පැවැති උද්ඝෝෂණයේ දී ආරක්ෂක අංශ සතු බස් රථයකට ගිනි තැබුවේ උද්ඝෝෂණයේ යෙදී සිටි ජනතාව නොවන බවටත්, එය වෙනත් සංවිධානාත්මක පිරිසකගේ කාර්යයක් බවත් ජනතාව වෙතින්ම චෝදනා එල්ල වෙමින් පවතී.
මේ සිද්ධිය සම්බන්ධයෙන් වීඩියෝ දර්ශන කිහිපයක් ද දැනටමත් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වෙමින් පවතින අතර එම ස්ථානයේ සිටි පුද්ගලයන් අදහස් දක්වා ඇත්තේ මේ ලෙසිනි.
උපුටා ගැනීම පහතින්
ඒ බස් එකේ මුලින් ගිණිගන්නෙ ආරක්ෂක අංශ සහ පොලීසිය හිටපු පැත්තෙ රෝද මිසක සාමාන්‍ය මිනිස්සු හිටපු පැත්තෙ රෝද නෙමෙයි කියලා වීඩියෝ එක බලන අයට තේරෙනවා.
(ඊට පස්සෙ මිනිස්සු ඈත ඉද්දි අනෙක් පැත්තෙ පිටිපස්සෙ රෝදෙට ගිණි තියල දුවන්නෙ කවුද කියලත් හොදට පේනවා)
ඔය බාධක පෙරලන් ඉස්සරහට යන එක කජ්ජක් නොවුන වෙලාවල් වලදි පවා ඕකෙ කිසි මිනිහෙක් ප්‍රචණ්ඩව හැසිරුනේ නැහැ සහ පොලිසියෙන් අකාරුණික ලෙස හැසිරුනේ ත් නැහැ.
පැත්තක තිබ්බ ආමි බස් එක පැඟිරිවත්ත පාර හරහට ගැහුවෙ සහ කඳුළුගෑස් ගැහුවෙ එකම වෙලාවක. ඒ එක්කමයි ඕක ගිණිගත්තෙ.
හොදටම අසරණවෙලා ඉන්න මහජනයාගෙ විරෝධය ඔය ජිමික් වලින් වහන්න හිතන් ඉන්නවා නම් ඒක විහිළුවක්.
අපි ඕවයෙ හිටපු මිනිස්සුන්ට පස්සට යන්න කියපු වෙලාවල ” මල්ලි පිස්සු කියවන්නෙපා අපි ඉවරයි බිස්නස් කෙලවිලා තියෙන්නෙ” කියලා ආවේගයෙන් කතාකලේ ඇත්තටම කෙළවුන මිනිස්සු.
කොච්චර තරහකින් හිටියත් ඒ මිනිස්සු පොදු දේපල වලට හානි කලේ නෑ. අඩුම පාරවත් සම්පූර්ණයෙන්ම වහලා අනෙක් මිනිස්සු අපහසුතාවයට පත්කලේත් නැහැ.
ඒ නිසා බස් කතා කියවන්නෙපා. කිරිබත්ගොඩ ගිණිගත්ත කඩෙත් ගිණි අරන් තියෙන්නෙ විදුලි කාන්දුවක් නිසා කියල අයිතිකාරයම දාල තිබ්බා. බිල්ලො හදන්න මවන්න එපා.
ඉතින් මේ රත් වෙච්ච මිනිස්සු එක්ක සෙල්ලම් කරන්න හදන්න එපා, ඒක ඉල්ලීමක්.
ඔයාලාට කරන්න බැරි නම් මේක දාලා යන්න.එච්චරයි.
මේ අසමත් ආණ්ඩුව එක්ක මිනිස්සු ඉන්න කේන්තියත් එක්ක ඉස්සරහට නිහඬ විරෝධතා බලාපොරොත්තු වෙන්න බැරිවේවි. ඒක මං මහපොළොවෙදි දැක්කා.
යුධටැංකි ගෙනත් කරන්න පුළුවන් දෙයක් නෑ ජනාධිපතිතුමනි
එම බසය ගිනිතබන අයුරු දැක්වෙන වීඩියෝ දර්ශන මෙම සබැඳියෙන් නැරඹිය හැකියි




